Update : ජයරත්න තවමත් පොල්ගසේ.

Friday, 22 November 2013 - 13:30

Update+%3A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%83%E0%B7%9A.
දිගන - රජවැල්ල ඩොලමයිට් වත්තේ පිහිටි පොල් ගසක් මත නැගී පුද්ගලයෙකු ඊයේ (22) උදෑසන සිට ආරම්භ කළ විරෝධතාවය තවමත් ක්‍රියාත්මකයි. අවුරුදු 8 ක කාලයක් පුරා තමන්ට අයත් වගා කළ එම වතුයායේ ඉඩම් කොටස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අත්පත් කර ගත් බව පවසමිනුයි ඔහු මෙම විරෝධතාවයේ නිරත වන්නේ. ඊයේ උදෑසන සිට අද උදෑසන කාලය දක්වා කිසිදු බලධාරියෙකු තමන්ගේ ඉඩමේ ගැටලූව විසදීමට මැදිහත් නොවූ බව ටී.ජී.ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් ගීතා ඉන්ද්‍රාණිගෙන් විමසීමක් කළා. එහිදී ඇය කියා සිටියේ විරෝධතාවයේ නිරත පුද්ගලයා අනවසරයෙන් පදිංචිව සිටින බවයි.

Update : Saturday, 23 November 2013 - 1:09 PM
-------------------------------------
ගොවියා නැවතත් පොල් ගසේ.

දිගන - රජවැල්ල ඩොලමයිට් වත්තේ පිහිටි පොල් ගසක් මත නැගී පුද්ගලයෙකු ඊයේ (22) උදෑසන සිට ආරම්භ කළ විරෝධතාවය තවමත් ක්‍රියාත්මකයි. අවුරුදු 8ක කාලයක් පුරා තමන්ට අයත් වගා කළ එම වතුයායේ ඉඩම් කොටස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අත්පත් කර ගත් බව පවසමිනුයි ඔහු මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ. රජවැල්ලේ පදිංචි ටී.ජී. ජයරත්න නැමැති මෙම පුද්ගලයා 2011 වසරේ හොඳම ගොවියාට හිමි සම්මානය ද හිමි කරගෙන තිබෙනවා. ඊයේ උදෑසන සිට අද (23) උදෑසන කාලය දක්වා කිසිඳු බලධාරියෙකු තමන්ගේ ඉඩමේ ගැටළුව විසදීමට මැදිහත් නොවූ බවයි ටී.ජී. ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය වන ගීතා ඉන්ද්‍රානිගෙන් විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඇය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ පිළිබදව තෙල්දෙණිය පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ ඊයේ රාත්‍රී 12.00ට පමණ මෙම පුද්ගලයා ගසෙන් බිමට බැස ඇති බවයි. යළි අද (23) උදෑසන 5.30ට පමණ ඔහු ගසට නැග විරෝධතාවය ආරම්භ කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

Saturday, 23 November 2013 - 7:45 AM

--------------------------------------------------
පොල් ගසක් උඩ විරෝධතාවයක්.

දිගන - රජවැල්ල ඩොලමයිට් වත්තේ පිහිටි පොල් ගසක් මත නැගී පුද්ගලයෙකු අද (22) උදෑසන සිට විරෝධතාවයක නිරත වනවා. ඒ, තමන්ට අයත් වගා කළ එම වතුයායේ ඉඩම් කොටස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින්.


මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසම ඉදිරි දෙදින තුළ රැස්වනවා (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 20:31

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ... Read More

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්... Read More