UPDATE: වීඩියෝ : මුරලිට එරෙහිව චාවකච්චේරියෙන් යෝජනාවක්.

Friday, 22 November 2013 - 13:42

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
දෙමළ ජාතික සන්ධානය යටතේ පවතින යාපනය - චාවකච්චේරි නගර සභාව විසින් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ,  මුත්තයියා මුරලිදරන් විසින් පසුගිය දා චැනල් ෆෝ නාළිකාවට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවේදී දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළකරමින්.  

ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් චැනල් ෆෝ නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබුණේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ට දෙමළ ජනතාව පිළිබඳව වැරදි මතයක් ලබාදී ඇති බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යාපනයට ගිය පළමු අවස්ථාවද මෙයයි. එම නිසා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඒ පිළිබඳව කවුරුන් විසින් හෝ වැරදි වටහාදීම් සිදුකර ඇති බවයි මුත්තයියා මුරලිදරන් චැනල් ෆෝ නාළිකාවට සඳහන් කළේ.                                                     

කෙසේ වෙතත්, මීට එරෙහිවයි චාවකච්චේරි නගරාධිපති ආර්.දේවසහායන් පිල්ලේගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී මෙම යෝජනාව සම්මත කරගෙන ඇත්තේ. චාවකච්චේරි නගර සභාවේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සිටින අතර, ඉන් 09 දෙනෙකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනවා. අනෙකුත් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්.


දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම යෝජනාවට එකහෙලා සහය පළ කර ඇති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා යෝජනාවට එරෙහිව හෝ පක්ෂව කිසිවක් ප්‍රකාශ නොකළ බවයි චාවකච්චේරි නගර සභාවේ සභාපති  ආර්.දේවසහායන් පිල්ලේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එහෙත් යෝජනාව සම්මත කරන අවස්ථාවේදී රජය පාර්ශවය නියෝජනය කරන ඊ.පී.ඞී.පී. සංවිධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.                                      

කෙසේ වෙතත්, චැනල් ෆෝ නාළිකාවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන්ගෙන් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ චැනල් ෆෝ නාළිකාව විසින් තමන් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශයම පළ කර නොමැති බවයි. එබැවින් තම ප්‍රකාශයේ අර්ථය විකෘතිවීමත් සිදුවී ඇති බවද හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළා.
චාවකච්චේරි නගර සභාව විසින් සම්මත කරගෙන ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය යළි මුත්තයියා මුරලිදරන්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණේ ඔහු විදෙස්ගතව සිටි බැවින්.



Update: Friday, 22 November 2013 - 07:12 PM
-----------------------------------------------------

ටී.එන්.ඒ. මුරලිට එරෙහි වෙයි.

දෙමළ සන්ධානයේ බලය පවතින යාපනය - චාවකච්චේරි නගර සභාව විසින් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ,  චාවකච්චේරි නගරාධිපති ආර්.දේවසහායන් පිල්ලේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති රැස්වීමකදීයි. මුත්තයියා මුරලිදරන් විසින් චැනල් ෆෝ නාළිකාවට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවේදී දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළකරමිනුයි ඔවුන් මෙම යෝජනාව සම්මත කරගෙන ඇත්තේ.

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් චැනල් ෆෝ නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ට දෙමළ ජනතාව පිළිබඳව වැරදි මතයක් ලබාදී ඇති බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යාපනයට ගිය පළමු අවස්ථාවද මෙයයි. එම නිසා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඒ පිළිබඳව කවුරුන් විසින් හෝ වැරදි වටහාදීම් සිදුකර ඇති බවයි මුත්තයියා මුරලිදරන් චැනල් ෆෝ නාළිකාවට සඳහන් කර ඇත්තේ.

චාවකච්චේරි නගර සභාවේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සිටිනවා. ඉන් 09 දෙනෙකු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන අතර අනෙකුත් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වනවා. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් යෝජනාවට එකහෙලා සහය පළ කර ඇති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා යෝජනාවට එරෙහිව හෝ පක්ෂව කිසිවක් ප්‍රකාශ නොකළ බවයි චාවකච්චේරි නගරාධිපති ආර්.දේවසහායන් පිල්ලේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එහෙත් චැනල් ෆෝ නාළිකාවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන්ගෙන් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ චැනල් ෆෝ නාළිකාව විසින් තමන් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශයම පළ කර නොමැති බවයි. එබැවින් අර්ථය විකෘතිවීමත් සිදුවී ඇති බවද හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළා.


යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි
Thursday, 09 July 2020 - 19:31

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය... Read More

මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More