රංගේ, අශෝක් නායකත්ව මණ්ඩලය හමුවෙයි.

Friday, 22 November 2013 - 17:08

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%2C+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
එක්සත් ජාතික පක්ෂ එක්සත් නායකත්ව මණ්ඩලයේ දැනුම්දීම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේබණ්ඩාර සහ අශෝක් අබේසිංහ අද (22) එහි නියෝජිතයන් හමුවුණා. ඔවුන්ට එලෙස ආරාධනා කර තිබුණේ  මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව ක්‍රියාත්මක වූ විනය පරීක්ෂණ අත්හිටුවීමට සහ ආසන සංවිධායක ධුර නැවත ලබාදීමට ඊයේ ගත් තීරණය සම්බන්ධයෙන් දැනුම් දීමටයි. අද පාර්ලිමේන්තුවේ දී මෙම සාකච්ඡාව සිදුවී ඇති අතර ඊට එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ඇතුළු සාමාජිකයන් එක්ව සිටියා. එක්සත් නායකත්ව මණ්ඩලය විසින් ඊයේ දිනයේ දී ගනු ලැබූ තීරණය මේ මස 28 වන දා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ ආසන සංවිධායක ධුරයන් යළි පිරිනැමෙන බව එහිදී මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.


පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 25 May 2020 - 5:56

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More

UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More