දෙමළ, මුස්ලිම් ඇමති පිරිසකට විග්නේෂ්වරන්ගෙන් චෝදනා.

Friday, 22 November 2013 - 19:16

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85%2C+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
උතුරට බලය බෙදීමට රජයට කැමැත්තක් තිබුණත් රජයේ සිටින දෙමළ සහ මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඊට එරෙහිව කටයුතු කරන බවට උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් චෝදනා කරනවා. ඔහු කියා සිටියේ රජය සහ උතුර පළාත් සභාව අතර නිවැරදි අවබෝධයක් ඇතිවීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණ බවයි. මහඇමති සී.වී. විග්නේෂ්වරන් මෙම අදහස් පළ කළේ යාපනය - චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ අද (22) පැවැති උත්සවයක් අමතමින්. මේ ඔහු දැක්වූ අදහසයි.
 
‘‘මධ්‍යම රජය සහ දකුණේ පළාත් පාලන ආයතනවල බලය පවත්වාගෙන යන්නේ සිංහල අය. එතනදී බලය බෙදීමක් අවශ්‍ය වෙන්නේ නෑ එම පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ට. මොකද එකම පිරිසක් පාලනය කරන නිසා. නමුත් උතුරු නැගෙනහිර ජීවත්වන ජනතාව සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් වෙනස්. ඒ නිසා උතුරට බලය විමධ්‍යගත කරන්න  ඕනේ කියලයි අපි කියන්නේ. රජය එහෙම කරනවා කියලා තමයි කියන්නේ. නමුත් ඒකට බාධා කරන්නේ රජයේ ඉන්න මුස්ලිම් සහ දෙමළ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්. දෙමළ රාජ්‍ය නිලධාරීන් ද ඔවුන් සමග එකතුවෙලා මේ බලය බෙදීම ක්‍රියාත්මක නොවෙන තැනට වැඩ කටයුතු කරනවා. මොකද රජය සහ අපි අතර හොඳ අවබෝධයක් ඇතිවුවහොත් ඒක ඊළඟ මැතිවරණවලදී ඔවුන්ට ප්‍රශ්නයක් වෙයි කියලා මේ ඇමතිවරු හිතනවා. පසුගිය මැතිවරණවලදී මේ ඇමතිවරුන්ට ඡන්ද අඩුවුණා. ඒක වැඩි කර ගන්න මේ වගේ කුමන්ත්‍රණයක් කරනවාද කියලත් මට සැකයි. කොහොම වුණත් අභ්‍යන්තර ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න  ඕන කියලා මම හිතනවා. මේ විශ්වාසය නැති කරන්න තමයි මේ වගේ ඇමතිවරු කුමන්ත්‍රණ කරන්නේ. ’’


දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිහි කැදවීමක්
Tuesday, 02 June 2020 - 11:30

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙතෙක් ආයතන... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 415 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 11:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම් වැට් බද්දෙන් නිදහස්
Tuesday, 02 June 2020 - 11:16

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයින්... Read More