ජනපති මහනාහිමිවරුන් බැහැ දකී.

Friday, 22 November 2013 - 20:04

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගත්තා. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දුටුවා. එහිදී මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයාගේ ඡන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ආශිර්වාද කර තිබෙනවා. අස්ගිරි මහනායක පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් බැහැ දැකීමට ජනාධිපතිවරයා පැමිණියේ ඉන් අනතුරුවයි. ජනාධිපතිවරයා අද ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පවත්වා ජනාධිපතිවරයා රටට ලබාදුන් කීර්තියට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වන බවයි එහිදී උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් රැසක් හෙට සහ අනිද්දා අනුරාධපුරයේ දී පැවැත්වෙන බවයි. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් එය සංවිධාන කරනු ලබනවා. එම කටයුතු සඳහා සහභාගිවීමට ජනාධිපතිවරයා අද (22) අනුරාධපුරය බලා පිටත්ව ගියා.

[JPG]71910_1[/JPG]
[JPG]71910_2[/JPG]
[JPG]71910_3[/JPG]
[JPG]71910_4[/JPG]
[JPG]71910_5[/JPG]
[JPG]71910_6[/JPG]
[JPG]71910_7[/JPG]
[JPG]71910_8[/JPG]
[JPG]71910_9[/JPG]


උතුරුමැද පළාතේ රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානය
Friday, 05 June 2020 - 14:03

උතුරු මැද පළාතේ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින්... Read More

ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:00

කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

බූස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායනය වූ 25 දෙනෙකු නිවෙස් වෙත
Friday, 05 June 2020 - 13:57

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය... Read More