Update : වීඩියෝ: හම්බන්තොටදී අලින්ට විපතක්.

Saturday, 23 November 2013 - 9:54

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.
හම්බන්තොට - බඳගිරිය - ගොන්නොරුව ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටී ඊයේ (22) රාත්‍රියේ වන අලි සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇතින්නියන් දෙදෙනෙකු, අලියෙකු සහ අලි පැටවෙකු  ඒ අතර සිටින බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විදුලිසැර වැදී මිය ගිය ගවයෙකුගේ සිරුරක් ද එම ස්ථානයේ තිබෙන බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු සඳහන් කළේ. පෞද්ගලික ඉඩමක තිබූ අනවසර විදුලි රැහැනකයි මෙම අලි ගැටී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මිය ගිය ඇතින්නියන් දෙදෙනාම 20 හැවිරිදි වන අතර, අලියාට වයස අවුරුදු 18ක් පමණ වනවා. මිය ගිය අලි පැටවාට වයස අවුරුද්දක් පමණ වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ. ඉඩමට අනවසර විදුලිය සැපයූ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. 



Update : Saturday, 23 November 2013 - 12:48 PM
---------------------------------------------------
අනවසර විදුලි රැහැනක ගැටී වන අලි සිව් දෙනෙකු මිය යයි.

හම්බන්තොට - බඳගිරිය - ගොන්නොරුව ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටී ඊයේ (22) රාත්‍රියේ වන අලි සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇතින්නියන් දෙදෙනෙකු, අලියෙකු සහ අලි පැටවෙකු  ඒ අතර සිටින බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. විදුලිසැර වැදී මිය ගිය ගවයෙකුගේ සිරුරක් ද එම ස්ථානයේ තිබෙන බව ඔහු කියා සිටියා. පෞද්ගලික ඉඩමක තිබූ අනවසර විදුලි රැහැනකයි මෙම අලි ගැටී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉඩමේ හිමිකරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක කියා සිටියේ.


















ඡායාරූප - සනත් ගමගේ



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More