බ්‍රිතාන්‍යයට එරෙහිවත් පරීක්ෂණයක් ඕනෑ. - ඇමති මහින්ද.

Saturday, 23 November 2013 - 12:52

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF.
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා බ්‍රිතාන්‍යය සිය උනන්දුව ප්‍රකාශ කර ඇති මොහොතක ලබන මාර්තු මාසයේ ජිනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයකට මුහුණදීමට සිදුවනවා. සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත මානව හිමිකම් මණ්ඩලයට පසුගිය නොවැම්බර් 11 වන දා නව සාමාජිකයන් 14 දෙනෙකු එක්වුණා. එහිදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යළි මානව හිමිකම් මණ්ඩලයේ අසුන් හිමි කර ගත් අතර ඇමරිකාවේ පත්වීම ශ්‍රී ලංකාවට එරෙහි බ්‍රිතාන්‍ය ක්‍රියාමාර්ගවලට සහායක් විය හැකියි. මෙවැනි අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් මණ්ඩලයට මුහුණ දිය යුතු ආකාරය පිළිබදව අප විමසීමක් කළේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍ර‍්‍රධානත්වය දැරූ අමාත්‍ය මහින්ද සමරසිංහගෙන්. එහිදී අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන අප්‍රිකානු රටවල් කිහිපයකට ද මෙම මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය හිමිව ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ සහය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දුන්නේ. බ්‍රිතාන්‍ය හමුදා උතුරු අයර්ලන්තයේ සිදුකළ මිනිස් ඝාතන පිළිබඳ තොරතුරු දැන් හෙළිවෙමින් පවතිනවා. ඉරාක යුද්ධය පිළිබඳ බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර වාර්තාව වසර 4 ක් ගතවී ඇතත්, මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. මේ නිසා පරීක්ෂණයක් පැවැත්විය යුතු නම්, මුලින්ම බ්‍රිතාන්‍ය ගැන පරීක්ෂණ කළ යුතු බව අමාත්‍ය මහින්ද සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී කියා සිටියා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 23:45

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More