වැල්ලව කාන්තාවක් වසර 5 ක් නාගයෙකු සමග.

Saturday, 23 November 2013 - 18:46

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C.
කුරුණෑගල - වැල්ලව - රිකිල්ලගම ප්‍රදේශයේ නිවසකට වසර 5 ක පමණ කාලයක සිට පැමිණෙන නාගයෙකු පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තා වුණා. අදාල නිවසේ හිමිකාරිය වන ගීතා නවරත්න නැමති කාන්තාව කියා සිටියේ මීට වසර 19 කට පෙර මියගිය තම සොහොයුරා මෙලෙස නාගයෙකු ලෙස උපත ලබා නිවසට පැමිණෙන බවට තමන් විශ්වාස කරන බවයි. ඇයට කිසියම් කරදරයක් සිදුවීමට යන්නේ නම් ඊට පෙර සිහිනෙන් පැමිණ මෙම නාගයා ඒ පිළිබඳව දැනුවත් කරන බවයි මෙම කාන්තාව සඳහන් කළේ.
 
කෙසේ වෙතත් විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබෙන මෙවැනි සිදුවීම් පිළිබඳව පර්යේෂණ සිදුකරන ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. වෛද්‍යවරයා සඳහන් කළේ මෙවැනි මත මිත්‍යා විශ්වාසයන් බවයි.