වීඩියෝ: ජනපතිගෙන් පාසල් 22 කට පුස්තකාල.

Saturday, 23 November 2013 - 19:25

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+22+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD.
නැණගුණ පියස වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 22 ක් සඳහා ඉදිකරන ලද පුස්තකාලවලට යතුරු ප්‍රදානය කිරීම අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඒ, අනුරාධපුරය ජනාධිපති මන්දිරයේදියි. දැයට කිරුළ ජාතික වැඩසටහනට සමගාමීව දුෂ්කර පළාත්වල පාසල් සඳහා පුස්තකාල ලබාදීම සඳහායි  ජනාධිපති කාර්යාලය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් මෙය ක්‍රියාවට නංවා ඇති අතර සියලූ ඉදිකිරීම් කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබුවා.

මේ අතර 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අනුරාධපුර - තලාව ශ්‍රී ඥානෝදය මහා පිරිවෙනේ ඉදිකරන ලද නව දෙමහල් භික්ෂු නේවාසිකාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද උදෑසන සඟසතු කොට පූජා කෙරුණා. මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලබන සියලූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට නේවාසික පහසුකම් සපයමින් මෙම නේවාසිකාගාරය අංග සම්පූර්ණ ලෙස ඉදිකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. අද උදෑසන විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා තලාව ශ්‍රී ඥානෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්ද හිමිපාණන් ද බැහැදැක පිරිකර පූජාවක් ද සිදුකළා.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබීම, ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට ආශිර්වාද පතා කිරි අම්මාවරුන් දහසක් උදෙසා දානය පිළිගැන්වීම ද අනුරාධපුර - රුවන්වැලි සෑ රඳුන් අභියස දී අද අලූයම සිදුකෙරුණා. රුවන්වැලිසෑය වෙත කිරිපිඬු පූජා කළ ජනාධිපතිවරයා ඉන් පසු කිරිඅම්මාවරුන් සඳහා දානය පිළිගැන්වීමකට ද එක්වුණා.




කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More

මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More