කැමරන්ට රටෙන්ම ප්‍රශ්න.

Sunday, 24 November 2013 - 7:43

%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන ආකාරය එරට යුද උපකරණ අපනයන පාලන කමිටුවේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා. එම කමිටුවේ සභාපති ජෝන් ස්ටැන්ලි ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පරීක්ෂණ අවශ්‍ය බව කියන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය විසින් යුධෝපකරණ ලබාදීම ගැන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවයි. ඒ පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් කරන ලෙසද ඔහු අග්‍රාමාත්‍ය ඬේවිඩ් කැමරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
 
බ්‍රිතාන්‍ය යුධෝපකරණ අපනයන පාලන කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය රජය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට පිස්තෝල 100 ක්, රයිෆල් 130 ක් ඇතුළු ගිනි අවි 810 ක් සහ ජීව උණ්ඩ ලබාදීමට අවසර දී ඇති බවයි. එය පවුම් මිලියන 8ක ගණුදෙනුවක්. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම ගණුදෙනුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආරක්ෂක සමාගම් සමග සිදුකළ එකක් බවයි.


තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්
Saturday, 30 May 2020 - 16:25

තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක් Read More

ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More