ජයලලිතා යළිත් මන්මෝහන්ට ලියයි.

Sunday, 24 November 2013 - 9:19

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී සිදුවන හිරිහැර සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් යළි එරට මධ්‍යම ආණ්ඩුවේ අවධානය යොමුකර තිබෙනවා. ඇය පෙරේදා දිනයේද ඒ පිළිබඳ කරුණු දක්වමින් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත ලිපියක් යවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය ධීවරයන් විසිදෙනෙකු පසුගිය 20 වැනිදා ඔවුන්ගේ යාත්‍රා 5 ක් ද සමග ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජයලලිතා එහි සඳහන් කර තිබෙනවා. අදාළ ධීවරයන් කඩිනමින් මුදාගැනීමට කටයුතු කරන ලෙසයි ඇය ඉල්ලා ඇත්තේ.