UPDATE:වීඩීයෝ : බිරිඳ මරා සැමියා වස බී ඇත්තේ දික්කසාද නඩුවක් අතරතුරයි.

Sunday, 24 November 2013 - 10:33

UPDATE%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
මත්තේගොඩ - සඳුන්පුර ඝාතන සිද්ධියේ දී අඹුසැමි යුවළ දික්කසාද වීම සඳහා ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ද ගොනුකර තිබූ බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා. වයස අවුුරුදු 40 ක් පමණ වූ අනුලාවතී හේරත් නැමති කාන්තාවක් මත්තේගොඩ - ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසලට සිය දියණිය ඇරලවා නැවත එමින් සිටියදී අද (24) උදෑසන අමානුෂික ලෙස ඝාතනයට ලක් කර තිබුණා. ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇගේ ස්වාමි පුරුෂයා වන ෂෙල්ටන් දයාපාල නැමැත්තා කාන්තාව පැමිණි මඟ ත්‍රිරෝද රථයකින් හරස් කරමින් මෙම අපරාධය සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. අනතුරුව සැකකරු සිය මහගෙදරට පැමිණ මත්පැන් සහ වස පානය කළ බවයි ඔහුගේ මව වන ආර්. බේබිනෝනා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත්, පසුව ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ද එහිදී ජීවිතක්ෂයට පත්වුණා. කලක සිට පැවැති විවිධ ආරවුල් හේතුවෙන් මෙම අඹු - සැමි යුවළ වසර කිහිපයක සිට වෙන්ව වාසය කර ඇති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ. මීට වසර දෙකකට පමණ පෙර වස පානය කළ ස්වාමි පුරුෂයා මෙම කාන්තාවගේ කකුලකට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් ඇය පාදයේ ආබාධයකට ද ලක්ව තිබෙනවා. එමෙන්ම ඉඩමක් සම්බන්ධයෙන් ද මෙම අඹු - සැමි යුවළ අතර විටින් විට ආරවුල් හට ගත් බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
 
සිද්ධිය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අනුලාවතී හේරත්ගේ මව වන සිල් මාතාව ද දැඩි කම්පනයට පත්ව සිටිනවා. සිය භාරකාර දෙමාපියන් අහිමි වීමෙන් දස හැවිරිදි දියණිය මේ වන විට පසුවන්නේ කහතුඩුව පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශය භාරයේයි.



Update: Sunday, 24 November 2013 - 06:53 PM
--------------------------------------------------------------

මත්තේගොඩදී කාන්තාවක ඝාතනය කර සැමියා ද වස බී මිය යයි.

මත්තෙගොඩ - සඳුන්පුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අද (24) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබුණා. පසුව වාර්තාවුණේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන ඇයගේ සැමියා වස පානය කිරීමෙන් අනතුරුව හෝමාගම රෝහලේදී මියගොස් ඇති බවයි. සිය දරුවා දහම් පාසලට ඇරළවා පටු මාර්ගයක් ඔස්සේ නැවත පැමිණෙමින් සිටියදී තියුණු ආයුධවලින් පහරදී අදාළ කාන්තාව ඝාතනය කර තිබුණා. පවුල් ආරවුලක් සිද්ධියට හේතුව බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



[JPG]72010_1[/JPG]
[JPG]72010_2[/JPG]
[JPG]72010_3[/JPG]
[JPG]72010_4[/JPG]
[JPG]72010_5[/JPG]
[JPG]72010_6[/JPG]

Sunday, 24 November 2013 - 12:56 PM
------------------------------------------------------
මත්තෙගොඩදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියාද වස බී මියයයි.

මත්තෙගොඩ - සඳුන්පුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අද (24) උදෑසන කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ ඇයගේ සැමියා වස පානය කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. සැකකාර සැමියා වස පානය කිරීමෙන් අනතුරුව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ. සිය දරුවා දහම් පාසලට ඇරළවා පටු මාර්ගයක් ඔස්සේ නැවත පැමිණෙමින් සිටියදී තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණා. සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 40 ත් 50 ත් අතර කාන්තාවක් බවයි පොලීසිය සඳහන් කළේ.

Update: Sunday, 24 November 2013 - 11:13 AM
------------------------------------------------------
මත්තෙගොඩ ප්‍රදේශයේදි කාන්තාවක ඝාතනය කෙරේ.

මත්තෙගොඩ - සඳුන්පුර ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී අද උදෑසන ඝාතනය කර තිබෙනවා. සිය දරුවා දහම් පාසලට ඇරළවා පටු මාර්ගයක් ඔස්සේ නැවත පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුවී ඇති බව සඳහන්. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෙම ඝාතනය කුමන හේතුවක් මත සිදුකර තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.


ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ
Saturday, 30 May 2020 - 7:59

අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා... Read More

රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කරයි
Saturday, 30 May 2020 - 7:56

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සූදානමින්... Read More