ශ්‍රී ලංකාව පිළිබඳ ස්ථාවරයේ වෙනසක් නැහැ. චීනය.

Sunday, 24 November 2013 - 13:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA.
ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ජාතික සංහිඳියාව උදෙසා ප්‍රගතියක් ලබා සිටින බව චීනය අවධාරණය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ අර්බුද සංකීර්ණ කළ හැකි පියවරවලින් වැළකී සිටින ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කළා. කොළඹ චීන තානාපති කාර්යාලය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනයට පියවර ගතයුතු බවට චීන විදේශ අමාත්‍යාංශය සිදුකළේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්. එමෙන්ම චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය ඇතැම් මාධ්‍ය මගින් විකෘති කර ඇති බවද තානාපති කාර්යාලය සඳහන් කළා.

එම මාධ්‍ය වාර්තාවට ජාත්‍යන්තර මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබූ අතර තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි  ප්‍රකාශ කළේ මිතුරු රටක් වන චීනයද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ලෙස ඉල්ලා ඇති බවයි. එවැනි ප්‍රකාශයක් සිදු නොකරන්නේ මන්දැයි ඔහු ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන්ද විමසීමක් කර සිටියා.
 
චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බවයි. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ ජාතික සංහිඳියාව උදෙසා වැදගත් පියවර රැසක් ගෙන තිබෙනවා. ලක් රජයට සහ එහි ජනතාවට රටේ අභ්‍යන්තර කටයුතු විසඳගැනීම සඳහා ප්‍රඥාවක් සහ හැකියාවක් පවතින බව චීනයේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රජාව එය සංකීර්ණ නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ තිරසාර භාවය සහ ආර්ථික සංවර්ධනය උදෙසා ඔවුන් සිදුකළ යුත්තේ හිතකර වාතාවරණයක් ගොඩනැගීම බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කළා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More