රජිව් ඝාතනයේ තවත් තොරතුරු කරළියට.

Sunday, 24 November 2013 - 18:49

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
නලිනි මුරුගන් හැරුණුකොට රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සිය ඉලක්කය නොදැන සිටි බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ හිටපු ඉන්දීය පොලිස් ප්‍රධානියෙකු හෙළිදරව් කර තිබෙනවා. ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන සිවරාසන් වන්නියේ එල්.ටී.ටී.ඊ. මූලස්ථානය වෙත යවා ඇති පණිවුඩයක ඒ බව පැහැදිළිව සඳහන් කර ඇති බවයි ඉන්දීය රහස් ඔත්තු සේවාවේ කේරළ ප්‍රාන්තයට අනුයුක්ත පොලිස් අධිකාරීවරයෙකු වී. ත්‍යාගරාජන් සඳහන් කර ඇත්තේ.

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වැනිදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හි දී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක වන භානු අතින් මරුමුවට පත්වුණා. සිවරාසන් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් අතර මුරුගන්, ශාන්තන්, පේරලිවාලන් සහ නලිනි යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මරණ දඩුවම නියම කෙරුණා.

පසුව නලිනිගේ මරණ දඩුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් දක්වා වෙනස් කෙරුණු අතර මුරුගන්, ශාන්තන් සහ පේරරිවාලන් වෙත පැනවූ මරණ දඩුවමට සමාවක් ලබාදීම ඉන්දීය ජනාධිපතිවරුන් දෙදෙනෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රජීව් ඝාතන සිද්ධිය පිළිබඳ නව තොරතුරු හෙළිදරව් වී ඇත්තේ හිටපු රහස් පොලිස් නිලධාරියාගේ ප්‍රකාශයත් සමගයි.
 
මොවුන් අතුරෙන් පේරරිවාලන් මරාගෙන මැරෙන බෝම්බය සඳහා බැටරි මිලදී ගෙන ඇති අතර එය රජීව් ඝාතනය සඳහා යොදාගන්නා බව ඔහු දැන සිට නැහැ. ඉන්දීය ඔත්තු සේවා නිලධාරියා ප්‍රකාශ කර  ඇත්තේ පේරරිවාලන්ගේ ප්‍රකාශය තමාට සටහන් කරගැනීමට නොහැකිවූ බවයි.  රජීව් ගාන්ධි ඝාතනය කිරීම සඳහා සැළසුමක් සකස් කර ඇති බව නලිනි හැර අන් අය නොදැන සිටියේ යැයි ප්‍රධාන සැකකරු සිවරාසන් එල්.ටී.ටී.ඊ. මූලස්ථානය වෙත යැවූ පණිවුඩයේ සඳහන් වූ බව හිටපු රහස් පොලිස් නිලධාරීයා ප්‍රකාශ කර තිබෙනවා.


කොළඹ අපරාධ කොට්ඨාශය රාජිත රඳවා සිටින කඳවුරට
Thursday, 28 May 2020 - 13:13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More

කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More