ජගත් සංවිධාන විශේෂ නියෝජිතයෙකු ලබන සතියේ දිවයිනට.

Sunday, 24 November 2013 - 18:55

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
ජගත් සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම පැවසුවේ අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත ආචාර්ය චලෝකා බෙයානි මෙලෙස දිවයිනට පැමිණෙන බවයි. දෙසැම්බර් දෙවැනිදා සිට 6 වැනිදා දක්වා මෙරට රැඳී සිටින ඔහු උතුරේ යුද්ධයෙන් අවතැන්ව සිටින පිරිස් මුණගැසීමට නියමිත බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊට අමතරව මෙරට රැඳී සිටින කාලය තුළ ඔහු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුලූ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමගද සාකච්ඡා කරනු ඇති. උතුරේ සංචාරය කරන ජගත් සංවිධානයේ මෙම විශේෂ නියෝජිතයා අවතැන්වූවන් රැඳී සිටින කඳවුරුද නිරීක්ෂණය කරන අතර මුලතිව් ප්‍රදේශයේද සංචාරය කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.


විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More