ඇමති වාසුගෙන් ශ්‍රී ලංගමයට එරෙහිව නඩු.

Monday, 25 November 2013 - 7:40

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.
රජය ක්‍රියාත්මක කරන ත්‍රෛභාෂා ප්‍රතිපත්තියට අනුව ලබන මස සිට ශ්‍රී ලංගමයට එරෙහිව නඩු පවරන බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංගම බස් රථවල ගමනාන්තය සඳහන් කර තිබෙන නාම පුවරු  භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය නොකිරීම මෙම තීරණයට හේතුව බවයි. අවස්ථා කිහිපයකදී ත්‍රෛභාෂා ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන ලෙස ලංගමය දැනුවත් කළද එය ක්‍රියාත්මක වී නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ.    

කෙසේ වෙතත් භාෂා තුනෙන්ම බස් රථවල පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා සියලූ ඩිපෝ වෙත උපදෙස් ලබාදී ඇති බව හිරු ප්‍රවෘත්ති සිදුකළ විමසීමකදී ලංගම උප සභාපති එල්.ඒ. විමලරත්න ප්‍රකාශ කළා.


2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More