Update : ඉන්දු - ශ්‍රී ලංකා මහා පරිමාණ රන් ජාවාරමක තොරතුරු. 56 ක් දැලේ.

Monday, 25 November 2013 - 9:08

Update+%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.+56+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහා පරිමාණ රත්‍රං ජාවාරමක නිරතවූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ කොළඹ, කොචින් සහ චෙන්නායි හරහා මෙම රත්‍රං ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවයි. අවස්ථා 3 කදී රන්  කිලෝග්‍රෑම් 23 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 6 කට ආසන්නයි. කොචින් ගුවන් තොටුපලේදී ඊයේ කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන් සමග අත්අඩංගුවට ගැනුනු  රන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 21 ක්. මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරය කර ඇති බව සඳහන්.

රන් ජාවාරමේ නිරතවූ බවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට වාර්තාවක් ලබාදී ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේ.


Update : Monday, 25 November 2013 - 12:43 PM
----------------------------------------
ඉන්දු ශ්‍රී ලංකා  මහා පරිමාණ රන් ජාවාරමක තොරතුරු.

ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ චෙන්නායි නුවර අතර ක්‍රියාත්මක වූ මහා පරිමාණ රත්‍රං ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකික සැකකරුවන් 56 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේ. මෙහිදී රත්‍රං කිලෝ 25 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම  රුපියල් මිලියන 60 කට අධික බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේ. මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට චෙන්නායි පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More