UPDATE: කොටින්ට ආවඩන්නන්ට නීතිය දැඩි වෙයි.

Monday, 25 November 2013 - 12:39

UPDATE%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B7%80%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඍජුව හෝ වක්‍රව එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කෙරෙන ආකාරයේ මාධ්‍ය භාවිතයක යෙදීම නීතිවිරෝධී බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.   

මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇති හෙට (26) දිනයේ කිසිඳු සැමරුම් උත්සවයක් පැවැත්වීමට නීතිමය ඉඩකඩක් නොමැති බව පොලීසිය පවසනවා.  ඊට අමතරව නොවැම්බර් මස 27 වන දා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන් සැමරීමේ උත්සවයක් ද පැවැත්වීමට කටයුතු කර ඇති බවට විවිධ වාර්තා පළ වුණා. එල්.ටී.ටී.ඊ. හිතවාදී වෙබ් අඩවි ඔස්සේ ද මෙම කරුණු අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
 
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එවැනි සමුළුවක් හෝ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළහොත් ඊට එරෙහිව නීත්‍යානුකුලව පියවර ගන්නා බවයි.

Update: Monday, 25 November 2013 - 07:01 PM
---------------------------------------------------
එල්.ටී.ටී.ඊ. ය ප්‍රවර්ධනයට මාධ්‍ය භාවිතය නීතිවිරෝධියි. මාධ්‍ය මධ්‍යස්ථානය.

ඍජුවම හෝ වක්‍රව එල්.ටී.ටී.ඊ. ය ප්‍රවර්ධනය වන ලෙස මාධ්‍ය භාවිතයේ නිරතවන්නේ නම් එය නීතිවිරෝධී බවත් ඊට නීති ප්‍රකාරව අධිකරණය මගින් කටයුතු කළ හැකි බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළා.


දින 66කට පසු කොළඹ සහ ගම්පහ හෙට විවෘත වෙයි
Monday, 25 May 2020 - 19:30

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

කුවේට් සිට පැමිණි තවත් 16කට කොරෝනා - මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 19:16

කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනේ - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1166 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 19:04

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More