ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් රස දැනෙන මෘදුකාංගයක්.

Monday, 25 November 2013 - 18:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
අන්තර්ජාලය තුළින් දකින ආහාරවල රසයන් එම මොහොතේම දිව වෙත දැන්වීමේ උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකීය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ඇතුළු සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. නිමේෂ් රණසිංහ නමැති මෙම ශ්‍රී ලාංකික ඉංජිනේරුවා නිර්මාණය කළ උපාංගය දිවගින් ස්පර්ශ කිරීමෙන්  ඕනෑම රසයක් හඳුනා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. අර්ධ සන්නායකවලින් නිපදවා ඇති මෙම උපාංගයේ උෂ්ණත්ව වෙනස්වීම් හා විද්‍යුත් ධාරා විචලනයන් තුළින් දිවෙහි රස සංවේදක උත්තේජනය කරනු ලබනවා. එය රසාංකුර කෘත්‍රිමව උත්තේජනය කිරීමේ ක්‍රමයක්.
 
මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිධාරියෙකු වන නිමේෂ රණසිංහ, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු තාක්ෂණය පිළිබද ආචාර්ය උපාධියක් ද  හිමිකර ගත්තා.  දැනට ඔහු එම විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස ද කටයුතු කරනවා. නිමේෂගේ මී ළඟ ඉලක්කය වන්නේ සීනි භාවිතයකින් තොරව පැණිරස දැනෙන ඩිජිටල් ලොලිපොප් එකක් නිපදවීමයි.


කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More

කල්මුණේ වෙරළට ආ දැවැන්තයා යළි ගැඹුරු මුහුදට ගෙනගොස් දැමූ නාවික මෙහෙයුම (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 16:47

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 16:37

අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා... Read More