ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගීතාවක් අවශ්‍යයි. - ආරක්ෂක ලේකම්.

Tuesday, 26 November 2013 - 8:10

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.
ත්‍රස්තවාදයට එරෙහි සටනට ජාතීන් අතර සැබෑ සහයෝගීතාවක් අවශ්‍ය වන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එය ක්‍රමානුකූල සම්බන්ධීකරණයක් සහිත සහයෝගයක් විය යුතුයි. එහෙත් ඇතැම් රටවල් මෙම ප්‍රවේශයේ දී තෝරා ගැනීම් සිදුකරන බවයි ගාලූ සංවාද සමුද්‍ර ආරක්ෂණ සමුළුව අමතමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ. ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනේ දී රටවල් සිය හදවතින්ම එකිනෙකාට සහයෝගය දැක්විය යුතුයි. එවැනි සැබෑ සහයෝගීතාවක් ඉහළ මට්ටමකින් පැවතීම වැදගත්.

ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනක් පිළිබද කතා කරන ඇතැම් රටවල් එහිදී තෝරා ගැනීමක් සිදුකරනු ලබනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවට මෙහිදී බටහිර ලෝකය දක්වන්නේ දැඩි පීඩනයක්. එල්.ටී.ටී.ඊ. යට එරෙහි සටනේ අවසන් අදියරේ දී මානව හිමිකම් කඩ වූ බවට ඔවුන් චෝදනා නගමින් ඔවුන් මෙම පීඩනය එල්ල කරන බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.
 
රටවල් 35ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (25) ආරම්භ වූ ගාලූ සංවාද සමුද්‍ර ආරක්ෂණ සමුළුව අද අවසන් වීමට නියමිතයි.


ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:48

අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස්... Read More

UNP සාමාජිකයන්ට වෙනත් පක්ෂයක් පෝෂණය කරන්න බෑ - වජිර (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:31

එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකයන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන්... Read More