Update : වීඩියෝ: බුදු උපත ගැන මිත්‍යා මතය බිඳ වැටේ.

Tuesday, 26 November 2013 - 8:29

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.
නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගත් නව පුරාවස්තු සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසකට පිළිතුරු ලබාදෙන බව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කළා. ඒ, මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ලූම්බිණි සල් උයනෙන් සොයාගත් එම පුරාවස්තූන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. එහි ඵෙතිහාසික පසුබිම පැහැදිලි කළ පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කියා සිටියේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ ලූම්බිණියේ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවු බවයි. සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසක් නව සොයා ගැනීමත් සමග දුරුවන බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.



Update :Tuesday, 26 November 2013 - 9:31
------------------------------------------------------------------------------------
සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.


මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.

 
නව සොයා ගැනීම තුළින් ගෞතම බුදුන් වහන්සේගේ උපත ලූම්බිණියේ සිදුවූ බව තවදුරටත් සනාථ වන්නේ යැයි කැළණිය විශ්වවිද්‍යාල පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙනවා.

Update : Tuesday, 26 November 2013 - 12:49 PM
-----------------------------------------------
සිදුහත් කුමරු උපත ලැබූ ස්ථානය සොයා ගැනේ.

මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.






සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලංකිකින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More

ගල්කිස්සේ අපද්‍රව්‍ය ගැන අලුත් සැකයක්
Saturday, 06 June 2020 - 8:18

ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික්... Read More