බ්‍රිතාන්‍යයට ද්‍රෝහීන් වූ 27කට ජාතික වීර සම්මාන.

Tuesday, 26 November 2013 - 11:18

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+27%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1.
1818 නිදහස් අරගලයේ දී මුරිසියට පිටුවහල් කරන ලද ජාතික වීරවරයින් 27 දෙනෙකුට ජාතික වීර සම්මාන පිරිනැමීම අද (26) පෙරවරුවේ සිදුවුණා. ඉංග්‍රීසීන් විසින් 1818 නිදහස් අරගලයට නායකත්ව සැපයූ ඇහැලේපොළ මහනිළමේ, පිළිමතලාවේ මහනිළමේ, මත්තෙමගොඩ දිසාව, ඊරියගම දිසාවේ, ඊරියගම රටේ මහත්තයා, මීවතුරේ හිටපු ලේකම් සහ ඉහගම උන්නාන්සේ ඇතුළු ඉතිහාසයේ ප්‍රකට සහ අප්‍රකට වීරවරයින් 27 දෙනෙකු දේශද්‍රෝහීන් කරමින් මුරිසි දිවයින වෙත පිටත් කර හරිනු ලැබුවා. 1848 වසරේ දී නිදහස් සටනට එක්වූ ගොංගාලේගොඩ බණ්ඩා මලක්කාවට පිටුවහල් කරනු ලැබූ තවත් ජාතික  වීරවරයෙක්.

2013 ජාතික වීර දිනය සමරමින් කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ අද පැවැති උත්සවයකදී 1818 ජන අරගලයට එක්ව මුරිසියට පිටුවහල් කරනු ලැබූ ජාතික වීරවරයින් 27 දෙනාගේ ඥාතීන් වෙත සම්මාන පිරිනැමීම සිදුකරනු ලැබුවා. මීට පෙර අමාත්‍යාංශය සදහන් කළේ ජාතික වීරවරයින් 28 දෙනෙකුට සම්මාන ලබාදෙන බවයි. මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යා ටී.බී. ඒකනායක සදහන් කළේ  1848 නිදහස් අරගලයට එක්වූ ගොංගාලේගොඩ බණ්ඩා වීරවරයා වෙනුවෙන් ඔහුගේ ඥාතීන්ට සම්මාන පිරිනැමීම ලබන වසරේ වීර දින සැමරුම් උත්සවයේදී සිදුකරන බවයි.

මේ අතර, ඉංග්‍රීසීන් විසින් 1818 නිදහස් අරගලය මෙහෙය වූ වීර කැප්පෙටිපොළ අධිකාරම්ගේ හිස ගසා දැමීම සිදුවුණේ ද අද (26) වන් දිනකයි. රට දැය වෙනුවෙන් දිවි දුන් මොණරවිල කැප්පෙටිපොළ විරුවාගේ 196 වන සංවත්සරය වෙනුවෙන් මාතලේ - හුලංගමුව - කැප්පෙටිපොළ වලව්වේ දී සමරු උත්සවයක් පැවැත්වුණා. ඊට අමතරව මාතලේ, හුලංගමුව මාර්ගය වීර කැප්පෙටිපොළ මාවත ලෙස නම් කිරීම ද අද පෙරවරුවේ සිදුවුණා.

එමෙන්ම කැප්පෙටිපොළ විරුවා සිහි කරමින් මොණරාගල - කැප්පෙටිපොළ නගරයේ  ද අද (26) විශේෂ උත්සවයක් පැවැත්වුණා.

මේ අතර, කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රකාශ කළේ යටත්විජිත සමයේ දී මෙරටට සිදුකළ හානිවලට බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට වන්දි ගෙවිය යුතු බවයි. 


Update : Tuesday, 26 November 2013 - 1:27 PM


-----------------------------------
කැප්පෙටිපොළ දී වීර කැප්පෙටිපොළ ගුණ සමරුවක්.

වීර මොණරවිල කැප්පෙටිපොළ නිළමේ තුමාගේ ගුණානුස්මරණය කරමින් අද (26) කැප්පෙටිපොළ නගරයේ දී උත්සවයක් පැවැත්වුණා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ප්‍රධාන අමාත්‍යවරයා විසින් කැප්පෙටිපොළ නිළමේතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර ද පුද කරනු ලැබුවා. ඌව පළාත් සභාව විසින් සංවිධාන කළ මෙම වීර කැප්පෙටිපොළ ගුණානුස්මරණ උත්සවයට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.


ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More