මුරලිට පක්ෂ යෝජනාවක් ඉමදුවෙන්.

Tuesday, 26 November 2013 - 18:56

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට උපහාර කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට අද (26) රැස්වු ඉමදුව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කළා. ඒ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ට සහ චැනල් ෆෝ නාළිකාවට අභියෝග කරමින් රටේ සැබෑ තත්ත්වය ජාත්‍යන්තරයට හෙළි කිරීම සම්බන්ධයෙන්.                                    

මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගෙන් සමන්විත ඉමදදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 07 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටිනවා. කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අද සභාවේදී කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මුත්තයියා මුරලිදරන් විසින් පසුගියදා චැනල් ෆෝ නාළිකාවට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවේදී සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළකරමින් යාපනය - චාවකච්චේරි නගර සභාව විසින් පසුගිය 21 වැනි බ්‍රහස්පතින්දා යෝජනාවක් සම්මත කර ගත්තා. එම නගර සභාවේ බලය පවතින්නේ දෙමළ ජාතික සන්ධානය යටතේයී.

මුත්තයියා මුරලිදරන් විසින් චැනල් ෆෝ නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබුණේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ට දෙමළ ජනතාව පිළිබඳව වැරදි මතයක් ලබාදී ඇති බවයි. ඔහුට ඒ පිළිබඳව කවුරුන් විසින් හෝ වැරදි වටහාදීම් සිදුකර ඇති බවයි මුත්තයියා මුරලිදරන් චැනල් ෆෝ නාළිකාවට සඳහන් කළේ.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More