Update :වීඩියෝ: ඩෙල්ෆ් ප්‍රා.ස. සභාපති අවසන් ගමන් යයි.

Tuesday, 26 November 2013 - 21:18

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ඝාතනයට ලක්වු ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්ස්සීසන්ගේ අවසන් කටයුතු යාපනය - මනල්කාඩු පොදු සුසාන භූමියේදී අද (28) පස්වරුවේ සිදුකෙරුණා. ඊ.පී.ඞී.පී. සංවිධානයේ බලය පවතින ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සිරුර පෙරේදා දිනයේදී සොයා ගැනුණේ යාපනය - පුන්කුඩුතිව් පිහිටි ඔහුගේ නිවසේ තිබියදීයි. අධිකරණ වෛද්‍ය නිලධාරියා නිගමනය කළේ එය වෙඩි තැබීමක් නිසා ඇතිවූ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවයි. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් සෙවීම සඳහා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට යාපනයේ ඩෙල්ෆ් දූපත වෙත පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.



Update : Thursday, 28 November 2013 - 07.25 PM
------------------------------------------
ශ්‍රීධරන්ගේ ප්‍රකාශය හා ඩෙල්ෆ් ඝාතනය අතර සම්බන්ධයක් ගැන ජානිපෙ ට සැකයක්. 

ඊ.පී.ඞී.පී. සංවිධානයේ බලය පවතින ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩැනියෙල් රෙක්ස්සීසන් ඝාතනය සහ දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අතර සම්බන්ධයක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ සැක පළ කරනවා. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් සෙවීම සඳහා රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට යාපනයේ ඩෙල්ෆ් දූපත වෙත පිටත්ව ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ඝාතනය කරන ලද ඩෙල්ෆ් සභාපතිවරයාගේ සිරුර පෙරේදා දිනයේදි සොයා ගැණුනේ යාපනය - පුන්කුඩුතිව් පිහිටි ඔහුගේ නිවසේ තිබියදියි. අධිකරණ වෛද්‍ය නිලධාරියාද නිගමනය කළේ එය වෙඩි තැබීමක් නිසා ඇතිවූ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවයි.

සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද මේ වනවිට යාපනයට ගොස් තිබෙනවා.  

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කළ ප්‍රකාශය සහ මෙම ඝාතනය අතර සම්බන්ධයක් ඇත්දැයි යන්න සැක මතුවන බවයි. 

Update : Thursday, 28 November 2013 - 12:54 PM
------------------------------------------
ඩෙල්ෆ් සභාපතිවරයා ඝාතනය කළ බවට හෙළිවෙයි.

ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හදිසියේ මියයාම ඝාතනයක් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. ඊ.පී.ඞී.පී. සංවිධානය බලය පවතින ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සභාපති වන ඩැනියෙල් රෙක්ස්සීසන් ගේ සිරුර යාපනය පුන්කුඩුතිව් පිහිටි ඔහුගේ නිවසේ තිබී පෙරේදා සොයාගැනුනා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ යාපනය රෝහලේදී සිදුකළා. ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිගමනය වී ඇත්තේ හිසට ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් සිදුවූ තුවාල නිසා මරණය සිදුවී ඇති බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Update : Thursday, 28 November 2013 - 7:47 AM
--------------------------------------
ඩෙල්ෆ් සභාපතිවරයා හදිසියේ මිය යයි.

ඊ.පී.ඞී.පී. සංවිධානය බලය හොඹවන යාපනය - ඩෙල්ෆ් දූපත ප්‍රාදේශීය සභාවේ සභාපති ටානියන් රෙක්සියන් ඊයේ (26) පස්වරුවේ හදිසියේ අභාවප්‍රාප්ත වුණා. ඊ.පී.ඞී.පී. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔහුගේ මරණය හදිසි මරණයක් බවයි. කෙසේ වෙතත්, අද (27) පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ මරණය පිළිබදව තොරතුරු හෙළි කළ හැකි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Update : Wednesday, 27 November 2013 - 7:40 AM

---------------------------------------
ඩෙල්ෆ් සභාපති හදිසියේ මියයයි.

යාපනය - ඩෙල්ෆ් දුපත ප්‍රාදේශීය සභාවේ සභාපති ටානියන් රෙක්සියන් අද (26) පස්වරුවේ හදිසියේ අභාවප්‍රාප්ත වුණා. ඊ.පී.ඞී.පී. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔහුගේ මරණය හදිසි මරණයක් බවයි.