වීඩීයෝ : Update : කඹුරුපිටියේ ඝාතකයන්ගේ සම්බන්ධතා ගැන පරීක්ෂණ.

Wednesday, 27 November 2013 - 7:43

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.
කඹුරුපිටිය - මාස්මුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. එම සැකකරු දකුණු පළාතේ සිදුවූ දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා. එමෙන්ම, මෙම අපරාධ කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තවදුරටත් කියා සිටියේ.

මේ අතර, මෙම ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රීයේ හක්මන - දෙනගම වැවට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආයුධ සඟවා තිබූ ස්ථානයකට පොලිස් නිලධාරින් විසින් රැගෙන යමින් සිටියදී දෙනගම වැවට පැන පලායාමට උත්සාහ කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඝාතන සිද්ධියේ දෙවන සැකකරු පසුගිය 22 වැනිදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

මාතර - කොට්ඨාශ දූෂණ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුලදී ඝාතනය කෙරුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේයි. මෙම සිද්ධියේදී නිවසේ සිටි අවුරුදු දෙක හමාරක් වයසැති කොස්තාපල්වරයාගේ දියණියට ද අපරාධකරුවන් තුවාල සිදුකළ අතර, අවුරුදු 6ක් වයසැති පිරිමි දරුවා නිවසින් පළා ගොස් දිවි ගලවා ගත්තා.



Update : Wednesday, 27 November 2013 - 1:20 PM
--------------------------------------
කඹුරුපිටිය සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු වැවකට පැන මරුට.

මාතර - කඹුරුපිටිය - මාස්මුල්ල - උල්ලල ප්‍රදේශයේ නිවසක් තුළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වැවකට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගත් ඔවුන් පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට මෙලෙස හක්මන - දෙනගම වැවට පැන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සැකකරුවන් අපරාධය සඳහා යොදාගත් ආයුධ කිහිපයක් එම ප්‍රදේශයේ සඟවා තිබී ඇති අතර පසුව ඔවුන් ලබාදුන් තොරතුරු මත පොලීසිය ඒවා සොයා ගත්තා. එම අවස්ථාවේදී මාංචු පිටින්ම මෙම සැකකරුවන් දෙදෙනා වැවට පැන පළා යාමට උත්සාහ කර තිබෙනවා. පසුව ඔවුන් බේරාගෙන රෝහල්ගත කරන විටත් සැකකරුවන් මිය ගොස් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ සහ දියේ ගිලූණු පොලිස් නිලධාරියෙකු ද රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මීට පෙර පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කර පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More