වීඩීයෝ :Update : වර්ජනය නිසා, රජයේ ඔසුසැල්වලින් නොමිලේ බෙහෙත්.

Wednesday, 27 November 2013 - 7:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3AUpdate+%3A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A.
රජයේ රෝහල්වලින් වෛද්‍යවරුන් නිර්දේශ කර ලබාදෙන  ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල්වලින් නොමිලේ ඖෂධ ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. හෙද - පරිපූරක -  අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කර ඇති වැඩවර්ජනය  හේතුවෙන් අපහසුතාවයට පත්වන රෝගීන් පිළිබඳව සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Update : Thursday, 28 November 2013 - 2:23 PM
----------------------------------------------------------------------
වාරණය තවමත් ලැබී නැහැ. වෘත්තීය සමිති

හෙද - පරිපූරක -  අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. එම බල මණ්ඩලය පවසන්නේ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ නිකුත් කළ වාරණය මේ වනතුරු තමන් වෙත ලැබී නොමැති බවයි. මේ හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශකළේ.

 
මේ අතර කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල සහ මහනුවර මහ රෝහලේ අද (28) දිනයේ සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී රෝහල් ප්‍රකාශකයන් සඳහන් කළේ බාහිර රෝගී ප්‍රතිකාර අංශවලට යම් බලපෑමක් එල්ලවී ඇති බවයි. කෙසේ වෙතත් රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ.

Thursday, 28 November 2013 - 12:52 PM
-------------------------------------------
හෙද - පරිපූරක - අතුරු වෛද්‍ය සේවා තවදුරටත් වර්ජනයේ.

හෙද - පරිපූරක -  අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක කරන බව එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.

ඔවුන් ආරම්භ කළ පැය 48 ක වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අදාළ නියෝගය ලබාදුන්නේ කොළඹ ජාතික රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන හෘද රෝගියෙකු ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.  

කෙසේ වෙතත් එම බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය  තමන් වෙත තවමත් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවර අයවැයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික කොමිසම් සභාවක්ද පත්කිරීමට තීරණය කර ඇති බවයි. එබැවින් ඒ තුළින් ඉදිරි කාලයේදී විසඳුම් ලබාගත හැකි බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එබැවින් අසරණ රෝගීන් අපහසුතාවයට පත් නොකර සේවයට වාර්තා කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩවර්ජනයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.


Update : Thursday, 28 November 2013 - 7:49 AM

-----------------------------------------------------
සාකච්ඡා කර වර්ජනය ගැන තීරණයක් ගන්නවා. 


අනෙකුත් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර හෙද වර්ජනය පිළිබඳව තීරණයක් ගන්නා බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා. ඔවුන් ආරම්භ කළ පැය 48 ක වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අදාළ නියෝගය ලබාදුන්නේ කොළඹ ජාතික රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන හෘද රෝගියෙකු ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. එහිදී අධිකරණය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටින වෘත්තිය සමිති 16 ට දැනුම්දුන්නේ රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් නොකරන ලෙසයි.
 
කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සමන් රත්නප්‍රිය පැවසුවේ අධිකරණය ලබාදුන් වාරණ නියෝගය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. එය ලැබීමෙන් අනතුරුව වර්ජනය පිළිබඳව තීරණයක් ගන්නා බවත් එතෙක් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළා. 



Update : Wednesday, 27 November 2013 -7:13 PM
------------------------------------------------------
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවන්නැයි අතුරු තහනම් නියෝගයක්.

හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කර ඇති පැය 48 ක වර්ජනය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසාධිකරණය අද නිකුත් කළා. කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ ජාතික රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන හෘද රෝගියෙකු ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් පසුවයි. හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවල වෘත්තිකයන් අද උදෑසන 7 ට වර්ජනයක් ආරම්භ කළ අතර එය හෙට පෙරවරු 7 දක්වා පැය 48 ක කාලයක් ක්‍රියාත්මකයි.

Wednesday, 27 November 2013 - 2:52 PM
-------------------------------------------
වර්ජනය කළත්, රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි.

ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් හෙද - පරිපූරක - අතුරු වෛද්‍ය - වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද (27) උදෑසන 7 ට ආරම්භ කළ පැය 48 ක වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මකයි. දිවයින පුරා රෝහල් 650 ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 350 ක පමණ වර්ජනය ක්‍රියාත්මක බව අදාළ වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දස දහසක් ලබා ගැනීම, ආරම්භක ශ්‍රේණියේ අතිකාල දීමනාව රුපියල් 200 ක් දක්වා වැඩිකර ගැනීම, පළමු සහ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ට රුපියල් 4000 ක සන්නිවේදන දීමනාවක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 6ක් ලබා ගැනීමටයි ඔවුන් වර්ජනයේ නිරත වන්නේ. රජයේ හෙද නිලධාරින්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති 17 ක සාමාජිකයන් ඊට එක්ව සිටිනවා. වර්ජනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට හෙද - පරිපූරක -  අතුරු වෛද්‍ය - වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එහි සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ අද දිනයේම බලධාරින් තමන්ට විසඳුමක් ලබා දෙන්නේ නම් වර්ජනය අත්හිටුවන බවයි.

වර්ජනයෙන් ප්‍රධාන රෝහල් කිහිපයක සේවා කටයුතුවලට සිදුව ඇති බාධා සම්බන්ධයෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ එහි ප්‍රතිකාර සහ අනෙකුත් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි. හෙද කාර්ය මණ්ඩලයෙන් සියයට 90 ක පමණ පිරිසක් සේවයට වාර්තා කර ඇති බව ද ඔහු සඳහන් කළා.

වර්ජනයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ කටයුතුවලට ද දැඩි බාධාවක් සිදුව නැහැ. හෙද කාර්ය මණ්ඩලයෙන් සියයට 67 ක් පමණ අද පෙරවරුවේ සේවයට වාර්තා කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. කෙසේ වෙතත්, අනුරාධපුර මහරෝහලේ වැඩකටයුතුවලට මෙම වර්ජනය හේතුවෙන් බාධා මතුව තිබෙනවා. අද පෙරවරුවේ සේවයට පැමිණීමට නියමිතව සිටි හෙද සහ පරිපූරක වෘත්තීකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ සේවයට වාර්තා කර නොමැති බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා. වර්ජනය ක්‍රියාත්මක වුවත්, ගාල්ල - කරාපිටිය රෝහලේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. කෙසේ වෙතත්, රසායනාගාර සේවාවලට යම් බාධා මතුව ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිලිකා රෝහල, ඇතුළු රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

Update : Wednesday, 27 November 2013 - 12:55 PM

-------------------------------------------
හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා වර්ජනයක.

ඉල්ලීම් 06 ක් මුල්කරගනිමින් හෙද - පරිපූරක - අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (27) උදෑසන හතේ සිට ආරම්භ කිරීමට නියමිතයි. රෝහල් 650 ක දීපව්‍යාප්ත ලෙස හෙද - පරිපූරක - අතුරු වෛද්‍ය නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බවයි එම බලමණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ හේතුවෙන් රෝගී සත්කාරක සේවා, රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීමේ කටයුතු, එක්ස් රේ සහ ස්කෑන් පරීක්ෂණ ආදී සේවාවන් ඇණහිටිනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා හෙද සංගමය එක් නොවීමට තීරණය කර තිබෙනවා.


ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ, මුල් පෙළ රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 20:08

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977 ක් වාර්තා... Read More

Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More