එජාප මන්ත්‍රී සුජීව සේනසිංහට කථානායකවරයාගෙන් අවවාද.

Wednesday, 27 November 2013 - 12:50

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට කථානායක චමල් රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවේදී අවවාද කර තිබෙනවා. ඒ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ කතාවට දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන්. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. අයවැය විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියා සිටියේ ගොවි විශ්‍රාම වැටුපෙන් අවශ්‍ය ඉලක්ක සපුරා නොමැති බවයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යාවශ්‍ය බව ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම සිදුකරන අතරතුර දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ බාධා කිරීම හේතුවෙනුයි කථානායකවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ. මේ අතර, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අසන ලද පැනයකට පිළිතුරු දුන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ කියා සිටියේ රුපියල් 1200 ක සමෘද්ධි සහනාධාරය ලබන පුද්ගලයින් දෙලක්ෂ 54,030 ක් සිටින බවයි. ඔවුන්ට මෙම දීමනාව ලබාදීම 2011 වසරේ නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඊට අමතරව රුපියල් 200 භූමිතෙල් සහනාධාරය පුද්ගලයින් හාර ලක්ෂ 9002 ක් ලබන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.


Wednesday, 03 June 2020 - 11:56

මිරිස්සේදී "සන්ෂයින් සුද්දා"ට වෙඩි තැබීමේ සිද්ධියට අදාල ප්‍රධාන... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64 ලක්ෂය ඉක්මවයි
Wednesday, 03 June 2020 - 11:39

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 64 ලක්ෂ... Read More