එකම පවුලේ මිත්තණිය, මව සහ දියණිය රන් සමඟ රේගු දැලේ.

Wednesday, 27 November 2013 - 12:51

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා රන් රැගෙන යාමට උත්සාහ කළ එකම පවුලේ මිත්තණියක, මවක සහ දියණියක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (27) අලූයම 2.30 ට පමණ ජෙට් එයාර්වේස් ගුවන් යානයකින් චෙන්නායි බලා පිටත්ව යාමට පැමිණි මොවුන් තිදෙනා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මිත්තණියගේ වයස අවුරුදු 53 ක් වන අතර මව අවුරුදු 37 ක් සහ දියණිය අවුරුදු 15 ක් වයසැතියි. මොවුන් සාදා නිම නොකල රන් වළලූ 10 ක් සහ මාල 3 ක්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පැළඳ සිටි අතර ඒවායේ වටිනාකම රුපියල් තිස්තුන් ලක්ෂ 80,000 ක්. පරීක්ෂණ සඳහා මෙම භාණ්ඩ රාජසන්තක කර ඇති අතර වැඩිමහල් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහසක බැගින් විසි දහසක දඩ නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රන් ජාවාරමක තොරතුරු පසුගිය සඳුදා අනාවරණ වූයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු රුපියල් කෝටි 6 ක වටිනාකමකින් යුත් රන් කිලෝ 23 ක් සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි. මේ නිසා, ශ්‍රී ලංකාවේ සිට විදේශ ගතවීමේදී පැළඳගෙන යා හැකි රත්රන් ප්‍රමාණයට සීමා පැනවීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More