රංගේගෙන් රතු එළියක්. - අශෝක්ගෙන් කොළ එළියක්.

Wednesday, 27 November 2013 - 12:53

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය හමුවේ අද (27) දිනයේ පෙනී නොසිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසනවා. මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ දිනයේදී තමන්ට දුරකථනය මගින් නායකත්ව මණ්ඩල හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දුන් බවයි. නමුත්, මීට පෙර තමන් යොදාගෙන තිබෙන පෞද්ගලික වැඩකටයුතු හේතුවෙන් ඊට සහභාගි නොවීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළා. මීට අමතරව අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහට ද නායකත්ව මණ්ඩල හමුවේ පෙනී සිටින ලෙස ආරාධනා කර තිබෙනවා. ඒ අනුව, තමන් අද දිනයේ ඊට සහභාගි වන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණවලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබුණා. පසුගිය වයඹ පළාත් සභා ඡන්ද විමසීමට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මොවුන්ට පක්ෂ සාමාජිකත්වය යළි ලබාදුන් අතර එහෙත් ඔවුන්ට අහිමිවූ එජාප සංවිධායක ධුර යළි ලබාදුන්නේ නැහැ. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලය පත්වීමෙන් පසුව මොවුන් දෙදෙනාට නැවත ඔවුන් මීට පෙර දරනු ලැබූ සංවිධායක ධුර හිමිවූ අතර ඔවුන්ට එරෙහි විනය පරීක්ෂණ ද අත්හිටුවනු ලැබුවා.

මේ අතර, එක්සත් භික්ෂු පෙරමුණ ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ එම පෙරමුණේ ලේකම් පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර හිමියන් නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More