වීඩීයෝ : පෑලියගොඩ නගර සභාව කොමසාරිස්වරයෙකු යටතට.

Wednesday, 27 November 2013 - 13:22

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7.
පෑලියගොඩ නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාජයට පත්වීම නිසා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කර දැනුම් දෙන බව බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. එම නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද ලබන වසර සඳහා වන අයවැය අද දෙවන වරටත් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 3 කින් යළි පරාජයට පත්වුණා. පසුගිය අවස්ථාවේදී අයවැයට විරුද්ධ වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු මෙවරත් විරුද්ධව ඡුන්දය භාවිතා කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් තමන් අයවැයට විරුද්ධව ඡුන්දය ලබාදුන් බවයි.


පසුගිය වසරේ සම්මත කෙරුණු පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතට අනුව පළාත් පාලන ආයතනයක අයවැය දෙවරක් පරාජයට පත්වුවහොත් සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු වනවා.  බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයක දෙවරක් අයවැය මෙතෙක් පරාජයට පත්වී ඇත්තේ පෑලියගොඩ නගර සභාවේ පමණයි. මේ අනුව ඉදිරියේදී විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පෑලියගොඩ නගර සභාව පත් කරනවාද නැද්ද පිළිබඳව නීතිපතිවරයා ලබාදෙන උපදෙස්වලින් අනතුරුව තීරණය කරන බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.


/>--------------------------------------------------------------------------------------------
පෑලියගොඩ අයවැය දෙවන වරටත් පරදී.

Wednesday, 27 November 2013 - 13:22

පෑලියගොඩ නගර සභාවේ අයවැය දෙවන වරටත් වැඩි ඡන්ද 3 කින් පරාජයට පත්ව තිබෙනවා. 9 දෙනෙකුගෙන් සැදුම්ලත් නගර සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සරත් ද සිල්වා කියා සිටියේ නගරාධිපතිවරයාගේ දූෂිත ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් දෙවන වරටත් ඉදිරිපත් වූ අයවැය පරාජය කළ බවයි.


බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More