Update :පකිස්ථානයට නව යුද හමුදාපතිවරයෙක්.

Wednesday, 27 November 2013 - 16:12

Update+%3A%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
පකිස්ථානයේ නව යුද හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජනරාල් රහීල් ෂරීෆ් පත්කිරීමට එරට අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් තීරණය කර තිබෙනවා. ඒ, මෙතෙක් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් අෂ්ෆාක් පර්වේස් කයානි එම ධුරයෙන් විශ්‍රාම යෑම හේතුවෙන්. පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගියදා තේරී පත්වූ නවාස් ෂරීෆ් මීට පෙර අග්‍රාමාත්‍ය ධුරය දැරූ අවස්ථාවේදි හමුදාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ පර්වේෂ් මුෂාරෆ්. කෙසේ වෙතත් පසුව නවාස් ෂරීෆ් බලයෙන් පහ කර ඔහු හමුදා කුමන්ත්‍රණයකින් පකිස්ථානයේ බලය අල්ලාගෙන වසර 10 ක් සිය පාලනය ගෙන ගියා. මෙවර යුද හමුදාපතිවරයා පත් කිරීමේදී මේ පිළිබඳවද නවාස් ෂරීෆ් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  

Update : Wednesday, 27 November 2013 - 7:57
------------------------------------------------
පකිස්ථානයට නව හමුදාපතිවරයෙක්.

Wednesday, 27 November 2013 - 16:12

පකිස්ථානයේ නව හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජනරාල් රහීල් ෂරීෆ්  පත් කර තිබෙනවා. ඒ, මෙතෙක් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් අෂ්ෆාක් පර්වේස් කයානි එම ධුරයෙන් විශ්‍රාම යෑම හේතුවෙන්. මීට අමතරව ලූතිනන් ජනරාල් රෂීඞ් මහමුද් එරට ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ලෙස නම් කර තිබෙනවා. තලෙයිබාන්වරුන්ට එරෙහිව පකිස්ථාන රජය මෙහෙයුම් දියත්කර ඇති මොහොතක එරට හමුදාවේ සිදුකර ඇති මෙම වෙනස් කිරීම් තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More