"ලෙහාර්" දුර්වල වෙයි. උතුරේ ධීවරයින්ට අවවාද.

Thursday, 28 November 2013 - 7:41

%22%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%22+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ලෙහාර් සුළි කුණාටුව මේ වනවිට දුර්වල සුළි කුණාටුවක් බවට පත්වෙමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර එය චන්ඩ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙමින් තිබූ බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එම සුළි කුණාටුව මේ වනවිට යාපනයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 650 ක් පමණ දුරින් කේන්ද්‍රගතව තිබෙනවා. මේ නිසා යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළ සීමාවේ සිට කිලෝමිටර් 300 කට ඈතින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු මෙන්ම අනතුරුදායක විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ලෙහාර් සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රා, ඔඞීසා ප්‍රාන්තවල වැසියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් පවතින බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. මෙම සුළි කුණාටුව ලබන සතිය වනවිට ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුලත්වීමට නියමිත බවට ඉන්දීය කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරනවා. කෙසේ වෙතත් ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එම සුළි කුණාටුව අද දිනයේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුලූවීමට නියමිතව තිබූ බවයි.


දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More

පිටකොටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Thursday, 04 June 2020 - 17:24

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේදී හෙරොයින්... Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:21

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ සියයකට ආසන්න තොගයක්... Read More