අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි 11 000 ක්.

Thursday, 28 November 2013 - 7:44

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+11+000+%E0%B6%9A%E0%B7%8A.
පිටස්තර බලපෑම්වලට අනුව අතුරුදන්වූවන් පිළිබඳ කෙරෙන විමර්ශන කඩිනම් කිරීමට සූදානම් නොමැති බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව පවසනවා. එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වල් පරණගම ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අදාළ පැමිණිලි සඳහා විමර්ශන කටයුතු සිදුකිරිමට කාලය අවශ්‍ය බවයි. 1990 වසරේ ජූනි මස 10 වැනිදා සිට 2009 වසරේ මැයි 19 වැනිදා දක්වා උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ කොමිෂන් සභාව පත්කළේ පසුගිය අගෝස්තු මස 13 වැනිදායි.

මේ වනවිට අදාළ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 000 කට ආසන්නයි. උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් කොමිසමට අතුරුදන්වූවන් පිළිබඳව පැමිණිලි වැඩි ප්‍රමණයක් ලැබී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලින්. ඊට අමතරව අතුරුදන්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිළිබඳව සොයා බලන ලෙස ද පැමිණිලි 6 000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම කොමිසමට ලැබී තිබෙනවා. මෙම සියලූ පැමිණිලි සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික්කවලට ගොස් සිදු කෙරෙන විමර්ශන කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කරන බවයි අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව ප්‍රකාශ කළේ. නමුත් ඒ සඳහා කාලය අවශ්‍ය බවයි එම කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම සඳහන් කළේ.

මේ අතර මියගිය, තුවාල ලැබූ සහ දේපළ හානිවීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා සංගණනයක් අද දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ 1982 වර්ෂයේ සිට මේ දක්වා සිදුවූ විවිධ ගැටුම්කාරී තත්ත්වයන් පදනම් කරගනිමින් මෙම සංගණනය සිදුකරන බවයි.


කොටුවේ ගොඩනැගිල්ලක සිටි නාවික සෙබලෙකුට කොරෝනා - 200ක් නිරෝධායනයට
Thursday, 28 May 2020 - 12:50

කොළඹ - කොටුව - සර් බාරෝන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ... Read More

ඇඳිරි නීතිය පැනවීම ගැන අලුත්ම නිවේදනය නිකුත්වෙයි
Thursday, 28 May 2020 - 12:27

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More