යාපනය - තිරුනල්වේලි නගරයේ බැංකුවක ගින්නක්.

Thursday, 28 November 2013 - 9:20

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+-+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.
යාපනය - තිරුනල්වේලි නගරයේ පිහිටා තිබූ පෞද්ගලික බැංකුවක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. කෝපායි පොලීසිය සඳහන් කළේ ගින්නෙන් එම බැංකුවට විශාල හානියක් සිදුවී නොමැති බවයි. ගින්න හටගන්නා අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරීන්ද එම ස්ථානයේ සිට ඇති බවද පොලීසිය සඳහන් කළා. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ අතර ගලේවෙල - කොළඹුගොල්ල වඩුකාර්මික විද්‍යාලයේ ඊයේ රාත්‍රියේ හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් විද්‍යාලයේ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවයි වාර්තාවන්නේ. දඹුල්ල මහ නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.


මාලිගාවත්තේ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 21:00

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වෙඩි... Read More

වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More