රන් සමග කොළඹ සිට මදුරෙයි ගිය ඉන්දියානුවෙකු අත්අඩංගුවට.

Thursday, 28 November 2013 - 13:18

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන රන් ජාවාරම පිළිබඳව තවත් තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතිනවා. එහි නවතම තොරතුරු වාර්තාවූයේ ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටුපලේදී රන් බිස්කට් සමග ඉන්දියානු ජාතිකයෙකු ඊයේ අත්අඩංගුවට ගැනීමත් සමගයි. මොහු කොළඹ සිට ඉන්දියාවට පැමිණ ඇති අතර ඔහු සිය ශරීරයේ සඟවා රැගෙන යාමට උත්සාහ කළ ග්‍රෑම් 400 ක් බර රන් බිස්කට් 4 ක්ද ගුවන් තොටුපල නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධිකයි.  ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අවස්ථා රැසකදී මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රන් ජාවාරමේ තොරතුරු පසුගිය සඳුදා මුල්වරට අනාවරණ වූයේ    ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු රුපියල් කෝටි 6 ක වටිනාකමකින් යුත් රන් කිලෝ 23 ක් සමග ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමගයි. මෙම සිද්ධියෙන් පසුව රන් සමග පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් වාර්තාවුණා. ඊයේ දිනයේදී  චෙන්නායි නුවර දක්වා යෑමට පැමිණි එකම පවුලේ මිත්තණියක, මවක සහ දියණියක රේගු අත්අඩංගුවට පත්වූයේ රුපියල් ලක්ෂ 33 කට ආසන්න වටිනාකමකින් යුත්  සාදා නිම නොකල රන් වළලූ 10 ක් සහ මාල 3 ක් සමගයි. 


මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More