චීනයෙන්, ශ්‍රී ලංකාවට යළිත් සහතිකයක්.

Friday, 29 November 2013 - 8:45

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වලට අදාළ කරුණු පිළිබඳව චීනයේ ස්ථාවරය තහවුරු කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ඊයේ (28) නිල නිවේදනයක් නිකුත් කළා. එහිදී ඔවුන් කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ විෂමතා සංවාදයෙන් සහ අදහස් හුවමාරුව තුළින් සමානාත්මතාව සහ අනෝන්‍ය ගරුත්වය සහිතව ජාත්‍යන්තර ප්‍රජාවේ විවිධ රටවල් විසින් විසඳගනු ලැබීම චීනයේ ස්ථාවරය බවයි. මානව හිමිකම් කරුණු සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් හෝ එම කරුණු දේශපාලනීකරණය කිරීම චීනය අනුමත කරන්නේ නැහැ. එමෙන්ම, මානව හිමිකම් පදනම් කරගෙන අන් රටවලට පීඩනයක් එල්ල කිරීම ද චීනය අපේක්ෂා නොකරන බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ජාතික සංහිඳියාවක් ගොඩනැගීමට ඉදිරි පියවර රැසක් ගෙන තිබෙනවා. සිය ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛන්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන පියවරවලට චීනයේ පූර්ණ සහය හිමිවන බව එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.


මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More

බකමූණේ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මරුට
Tuesday, 02 June 2020 - 13:00

දඹුල්ල - බකමූණ ප්‍රධාන මාර්ගයේ දමනයාය ප්‍රදේශයේදී අද උදෑසන... Read More

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගෙන්, ස්ථාන 6ක පුහුණු කඳවුරු 10ක් - ජනපති කොමිසමේදී හෙළිවේ
Tuesday, 02 June 2020 - 12:57

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් දිවයිනේ ස්ථාන 06කදී කඳවුරු... Read More