Update :වීඩියෝ: අතුරුදන් වූ ධීවරයන් තවමත් නැහැ.

Friday, 29 November 2013 - 8:55

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
බෙංගාල බොක්කේ පැවති ලෙහාර් සුළි කුණාටුවට හසුවූ අතුරුදන් වූ බවට වාර්තා වුණු ධීවරයන් සොයා ගැනීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළේ ඉන්දීය ගලවා ගැනීමේ මෙහෙයුම් කලාපයට සහ අදාළ සාගර කලාපයේ ගමන් කරන වෙළද නැව් මේ වන විටත් ඒ පිළිබදව දැනුවත් කර ඇති බවයි.

සුළි කුණාටුවට හසුවූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍ර දෙකක ධීවරයන් 8 දෙනෙකු තවමත් අතුරුදන් වී සිටිනවා. ඔවුන් මුහුදු ගොස් ඇත්තේ දෙවුන්දරින්.



Update : Friday, 29 November 2013 - 07.28 PM
-----------------------------------------
ධීවරයින් 8 ක් අතුරුදන්.

බෙංගාල බොක්කේ පැවති ලෙහාර් සුළි කුණාටුවට මැදිවූ මෙරට ධීවරයින් 8 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇතැයි ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නැගෙනහිර ගැඹුරු මුහුදේදී මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙවුන්දර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 8 දෙනෙකු බවයි.

 
කෙසේ වෙතත්, ලෙහාර් සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට දුර්වල වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.එච් කාරියවසම් කියා සිටියේ රළු ස්වභාවයකින් යුක්ත වූ යාපනයේ සිට ඊසාන මුහුදු තීරය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි. 

Update : Friday, 29 November 2013 - 12:52 PM
-----------------------------------------
බෝට්ටු දෙකක් නැගෙනහිර මුහුදේදී අතුරුදන්.

නැගෙනහිර මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් ධීවරයින් 8 දෙනෙකු අතුරුදන්වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ දෙවුන්දරින් සහ මීගමුවෙන් මුහුදු ගිය බෝට්ටු දෙකක් මුහුද රළුවීම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. ඔවුන් බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළා.


මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද ඓතිහාසික නඩු තීන්දුවක් - අශෝක් අබේසිංහ (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 13:44

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද ඓතිහාසික නඩු තීන්දුවක්... Read More

ලබන සඳුදා(08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින්
Tuesday, 02 June 2020 - 13:38

ඉදිරි දින කීපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More