Update : මොරටුවේ මිනිස් ඝාතනයක්.

Friday, 29 November 2013 - 10:22

Update+%3A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මොරටුව - රාවතාවත්ත - දෙවන පටුමග ප්‍රදේශයේදී අද (29) උදෑසන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ මෙම පුද්ගලයා සිය දරුවන් පාසලට ඇරලවා සිය ත්‍රිරෝද රථයෙන් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. මොරටුමුල්ල - කඩොලාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මොහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Update : Friday, 29 November 2013 - 12:47 PM
---------------------------------------------------------
මොරටුව - රාවතාවත්තෙන් පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ.

මොරටුව - රාවතාවත්ත ප්‍රදේශයෙන් අද (29) උදෑසන පුද්ගල මළ සිරුරක් පොලිසිය සොයා ගෙන තිබෙනවා. රාවතාවත්ත ප්‍රදේශයේ දෙවන පටුමගේ තිබී සොයා ගත් මෙම මළ සිරුරේ කැපුම් තුවාල තිබූ බවයි මොරටුව පොලිසිය සඳහන් කළේ. මරණයට පත්වූ පුද්ගලයා මොරටුව - කඩොලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.


ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More