කීර්තිමත් ආයුර්වේද වෛද්‍ය පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි.

Friday, 29 November 2013 - 13:15

%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මෙරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කැස්බෑවේ උපාලි පිලපිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිය නිවසේදී ඔහු මියයන විට 74 වන වියේ පසුවුණා. දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු මෙන්ම, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ඔහු කටයුතු කළා. ලිංගික මාර්ගය සහ ගුද මාර්ගය අතර ඇති වන තුවාල ගුද මාර්ගයට සම්බන්ධවීමෙන් හට ගන්නා භගන්දරා නමැති රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයෙකු ලෙසයි වෛද්‍ය පිලපිටිය සැලකෙන්නේ. ආයුර්වේදයේ ඇති ක්ෂාරසූත්‍ර නමැති ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ ඊට පිලියම් කළ ඔහු සිය සොයා ගැනීම ජපානයට ද හඳුන්වා දුන්නා. පිලපිටිය මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 3 ට කැස්බෑව පවුලේ සුසාන භූමියේදී සිදුකෙරෙන බවයි ඔහුගේ ඥාතිවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


ගුවන්තොටුපොළ සංචාරකයන්ට විවෘත කළයුතු දිනය ගැන යෝජනාව ජනපතිට
Tuesday, 26 May 2020 - 16:11

රට යථා තත්වයට පත්වෙමින් පැවතීම හේතුවෙන් අගෝස්තු 01 වැනිදා... Read More

කුවේට් සිට පැමිණි තවත් 07කට කොරෝනා - මෙරට සමස්ත ආසාදිතයන් 1189 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 15:59

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට් කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු... Read More

මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් තැබේ
Tuesday, 26 May 2020 - 15:54

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්... Read More