මීරිගම අය වැයත් යළි පරාදයි. - සභාපතිට තනතුර අහිමි වේ.

Friday, 29 November 2013 - 18:54

%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%9A.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලය හොබවන මීරිගම ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අය - වැය දෙවන වරටත් වැඩි ඡන්ද 21කින් අද (29) පරාජයට පත්වුණා. අය වැයට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර පමණයි. 23 දෙනෙකුගෙන් සැදුම්ලත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 12 දෙනෙකුගෙන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සමන්විතයි. කෙසේ වෙතත්, අද දිනයේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා සභාවට පැමිණ සිටියේ නැහැ.
 
පසුගිය 20 වන දා මීරිගම ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වරට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ද එය වැඩි ඡන්ද 19කින් පරාජයට පත්වුණා. පසුගිය වසරේ සම්මත කෙරුණු පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතට අනුව පළාත් පාලන ආයතනයක අයවැය දෙවරක් පරාජයට පත්වුවහොත් සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු වනවා. මීට පෙර බස්නාහිර පළාතේ පෑලියගොඩ නගර සභාවේ අය වැය ද දෙවන වරටත් පරාජයට පත්වුණා. 


මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More

ඇඳිරි නීතිය කඩකළ 1,710ක් පැය 24 කදී අත්අඩංගුවට
Monday, 25 May 2020 - 8:15

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්
Monday, 25 May 2020 - 7:29

සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට... Read More