නඩුවට පැමිණි බිරිඳ සහ දරු දෙදෙනා මරන්න ගිය සැමියා.

Saturday, 30 November 2013 - 9:07

%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.
නඩත්තු නඩුවක් සඳහා මාරවිල - දිසා අධිකරණයට පැමිණෙමින් සිටි තම බිරිද, දරු දෙදෙනා සහ නැන්දණිය ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු මාරවිල පොලීසිය ඊයේ (29) අත්අඩංගුවට ගත්තා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි හිටපු බැංකු නිලධාරියෙක්.

සැකකරු, තම බිරිද සහ දරුවන්ගෙන් වෙන් වී වාසය කර අතර, ඇයට සහ දරුවන්ට රුපියල් 35,000 බැගින් නඩත්තු මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. වසර දෙකක් පුරා ඔහු එය නොගෙවා ඇති අතර ඊට අදාළ නඩුව ඊයේ මාරවිල දිසා අධිකරණයේ දී නැවත කැදවීමට නියමිතව තිබුණා. නඩුවට පෙනී සිටීම සඳහා ඔහුගේ බිරිද, දරු දෙදෙනා, නැන්දණිය සහ තවත් කාන්තාවක් පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින්. එම අවස්ථාවේ කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණි සැකකරු වෙන්නප්පුව ප්‍රදේශයේ දී මෝටර් රථය, ත්‍රිරෝද රථයේ ගැටීමට සලස්වා එය නවත්වා තිබෙනවා. පසුව ඔහු තම බිරිදව ත්‍රිරෝද රථයෙන් ඉවතට ගැනීමට උත්සාහ කර ඇති අතර අවට සිටි පිරිස් එය වළක්වනු ලැබුවා. පසුව ඔහුගේ මෝටර් රථයේ තිබී කඩුවක්, පෙට්‍රල් කෑන් එකක්, අත් ආවරණ සහ භූමි තෙල් පොඟවන ලද රෙදි කැබලි තොගයක් පොලීසිය සොයා ගත්තා. තම බිරිද සහ දරුවන් ඝාතනය කිරීමේ අරමුණින් ඒවා රැගෙන ආ බව ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇති බවයි පුත්තලම හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී තම සැමියාගේ උදලූ පහරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක ද ඊයේ (29) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කළා. ඇය ද පැමිණ සිටියේ නඩත්තු නඩුවකට පෙනී සිටීම සඳහායි.  

පසුගිය ඉරිදා මත්තේගොඩ - සඳුන්පුර ප්‍රදේශයේදී වයස අවුරුදු 40 ක කාන්තාවකද සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී මහ මඟ ඝාතනය කර තිබුණේ පවුල් ආරවුලක් හේතුවෙන්. පසුව සැකකාර සැමියා වස පානය කර හෝමාගම රෝහලේදී මියගියා.