Update : වීඩියෝ: BMICH ගින්නට හේතුව පෙට්‍රල් උදුනක කාන්දුවක්.

Saturday, 30 November 2013 - 11:16

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+BMICH++%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක අද (30) පෙරවරුවේ ඇතිවූ ගින්නට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධයෙන් අද සවස කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙය පෙට්‍රල් උදුනක නලයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බවට රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් සනාථ කර ඇති බවයි.

 
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසර දෙක තිස්සේ ක්‍රියාත්මක වූ අතර, එම කාලය තුළ උත්සව ආදිය පැවැත්වීම සඳහා ඉදිකළ තාවකාලික ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගත්තේ. ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවන රථ 6 ක් සහ නිලධාරින් 30 දෙනෙකු යොදවා ගින්න නිවීමට කටයුතු කළ බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් ගින්නෙන් අදාළ තාවකාලික ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. අදාළ ගොඩනැගිල්ල තුළ වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය තිබීම හේතුවෙන් ගින්න පැතිර යාමට බලපෑ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරි ආර්.ජී.විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියා.


Update : Saturday, 30 November 2013 - 7.05 PM
------------------------------------------------
BMICH ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවේ. පොලීසිය

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක අද පෙරවරුවේ ඇතිවූ ගින්නට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධයෙන් අද සවස කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙය පෙට්‍රල් උදුනක නලයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බවට රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් සනාථ කර ඇති බවයි.

Update : Saturday, 30 November 2013 - 5.05 PM
------------------------------------------------
B.M.I.C.H  පරිශ්‍රයේ වැඩකටයුතු අඛන්ඩව.
අද (30) උදෑසන හදිසි ගින්නක් ඇතිවීමෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තාවකාලික ගොඩනැගිල්ලක් විනාශ වූවද, එම පරිශ්‍රයේ අනෙකුත් වැඩකටයුතු අඛන්ඩව පැවැත්වෙන බව එහි බලධාරීන් ප්‍රකාශ කළා. මෙම ගින්නෙන් එම පරිශ්‍රයේ කැනොපි ශාලාවට මුළුමනින්ම හානි සිදුවුණා. කෙසේ වුවත්, ගින්න මේ වනවිට මුළුමනින්ම මැඩ පවත්වා තිබෙනවා.


Update : Saturday, 30 November 2013 - 1:1 PM
------------------------------------------------
B.M.I.C.H. පරිශ්‍රයේ ගින්නක්.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක අද (30) උදෑසන ගින්නක් හට ගත්තා. එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ අද (30) දින විවෘත කිරීමට නියමිතව තිබූ ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබූ ශාලාවක මෙම ගින්න හටගත් බවයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවන රථ කිහිපයක් පිටත්කර යැවූ අතර, මේ වනවිට එය පාලනය කර තිබෙනවා.

එම ස්ථානයේ සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ගින්න හටගත් ශාලාව සහ එහි තිබූ උපකරණ සියල්ල විනාශ වී ඇති බවයි.

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසර දෙක තිස්සේ ක්‍රියාත්මක වූ අතර, එම කාලය තුළ උත්සව ආදිය පැවැත්වීම සඳහා ඉදිකළ තාවකාලික ගොඩනැගිල්ලයි ගිනි ගැනීමට ලක්වී ඇත්තේ.

සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයයි මෙම ශාලාවේ සංවිධාන කර තිබුණේ. ඒ සඳහා දිවයිනේ නව නිර්මාණකරුවන්, ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වී සිටියා. උත්සවය ආරම්භ කෙරුණේ තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන්.

Update : Saturday, 30 November 2013 - 1:08 PM
-----------------------------------------------------------------------
BMICH පරිශ්‍රයේ ගින්නක්.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ අද (30) දින විවෘත කිරීමට නියමිතව තිබූ ප්‍රදර්ශනයක් සංවිධාන කර තිබූ ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවන රථ කිහිපයක් මේ වනවිට පිටත්කර යවා තිබෙනවා.