වීඩියෝ:විවේචන හමුවේ රටේ ඉදිරි ගමන නවත්වන්නේ නැහැ. ජනපති අවධාරණය කරයි.

Saturday, 30 November 2013 - 19:24

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ඇතමුන් කුමන විවේචන සිදුකළ ද රටේ ඉදිරි ගමන සඳහා වූ රජයේ වැඩපිළිවෙල අඛන්ඩව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ හොරණ විද්‍යාරත්න පිරිවෙන් විද්‍යායතනයේ නව රංග ශාලාව සහ තුන්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවය අද අමතමින්. මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ සංවර්ධන කටයුතු සඳහා ණය ලබාගැනීම පිළිබඳ ඇතැම් පිරිස් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවයි. ඉතිහාසයේ සිදුකළාක් මෙන් එදිනෙදා වියදම් පියවාගැනීම සඳහා ණය ලබාගැනීම රජය විසින් කිසිසේත්ම සිදුනොකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මෙම අවස්ථාවට රත්නසිරි වික්‍රමනායක, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල යන අමාත්‍යවරුන් මෙන්ම, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ද එක්ව සිටියා.
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් හොරණ නගර සභා කාර්යාල සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකද නිරතවුණා. එහිදී ජනාධිපතිවරයා නගර සභා කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමගද සුහද කථාබහක නිරතවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More