ආරක්ෂක ලේකම් හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්.

Saturday, 30 November 2013 - 19:33

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මුණගැසුණු බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. ආරක්ෂක ලේකම්වරයා බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශ බලධාරින් ද මුණ ගැසුණු බවයි එමගින් සඳහන් කළේ. සිය ඉන්දීය චාරිකාව අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙලෙස එරට බලධාරින් හමුවූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළා. පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, පැවති ප්‍රථම ඉහළ පෙලේ සාකච්ඡාව මෙය බවයි. කෙසේ නමුත්, ආරක්ෂක ලේකම්වරයා ඉන්දීය බලධාරින් සමඟ පැවති සාකච්ඡාවලට තේමා වූ කරුණු ඉන්දීය පුවත්පත හෙළි කර නැහැ. 


වැසිකිළි වලකට වැටී පාසල් දැරියක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 16:04

වැසිකිළි වලකට වැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලස... Read More

රාත්‍රී ආහාරය ප්‍රමාද වූවැයි සොහොයුරියට, මස්සිනාට සහ දරුවාට පහරදුන් පුද්ගලයෙකු රිමාන්ඩ්
Sunday, 31 May 2020 - 15:53

රාත්‍රී ආහාරය ප්‍රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම... Read More

තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More