කැටයම් චින්තක සොයන්න පොලිස් කණ්ඩායම් 8 ක්.

Sunday, 01 December 2013 - 7:56

%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%8A.
කඹුරුපිටිය - මාස්මුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
 
පසුගිය 16 වැනිදා සිදුවූ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දා හක්මන - දෙනගම වැවට පැනීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ඝාතන සිද්ධියේ දෙවන සැකකරු පසුගිය 22 වැනිදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණේ ආයුධයක් රැගෙන පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදියි. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකරු වන්නේ  කැටයම් චින්තක නැමැත්තායි.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More