පළාත් පාලන අයවැය දිනවන්න. - සන්ධාන මන්ත්‍රීන්ට ලිපි.

Sunday, 01 December 2013 - 12:54

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92.
පළාත් පාලන ආයතනවල අයවැය දිනවීම සඳහා සිය ඡුන්දය භාවිතා කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා. නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිය පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලිඛිතව දැනුම්දී ඇති බවයි. එමෙන්ම, අවස්ථා දෙකකදී අයවැය පරාජයට පත්වූ පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කරන්නේ ද යන්න පිළිබඳව ඉදිරි සතියේදී තීරණයකට එළඹෙනු ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා. ඊට අමතරව, එම පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට සහය ලබාදුන් සන්ධාන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු කියා සිටියේ.   

පසුගිය දින කිහිපයේ පළාත් පාලන ආයතන කිහිපයක අයවැය පරාජයට පත්වීමේ සිද්ධීන් කිහිපයක් වාර්තාවුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලය හොබවන මීරිගම ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වන අයවැය දෙවන වරටත් වැඩි ඡන්ද 21 කින් පෙරේදා දිනයේදී පරාජයට පත්වුණා. පෑලියගොඩ නගර සභාවේද ඇතිවුණේ මෙවැනිම තත්ත්වයක්. පසුගිය 27 වැනිදා එහි අයවැය ඉදිරිපත් කළ අතර එය දෙවන වරටත් වැඩි ඡන්ද 3 කින් පරාජයට පත්වුණා. ඒ අනුව පසුගිය වසරේ සම්මත කෙරුණු පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතට අනුව අයවැයක් දෙවරක් පරාජයට පත්වුවහොත් සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

මේ අතර අම්පාර - දමන ප්‍රාදේශීය සභාවේ අයවැය පෙරේදා (29) දිනයේ ඉදිරිපත් කළ අතර  එහිදී අයවැයට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවුණා. අයවැයට අදාළ ඡන්ද විමසීම සම්බන්ධයෙන් උද්ගතවූ ගැටළුවක් හේතුවෙනුයි මෙලෙස මන්ත්‍රීවරුන් විරෝධය පළ කළේ.
 
මේ අතර, පළාත් පාලන ආයතනවල අයවැය සකස් කිරීමේදී අර්බුදකාරී තත්ත්වයන් ඇතිවීමට හේතුවී ඇති මූල්‍ය පරිපාලන දෝෂයන් පිළිබඳ අවධානය යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව ඒ පිළිබඳ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට තීරණය කළ බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.


දින දෙකක් තුලදී කොරෝනා ආසාදිතයින් සියය ඉක්මවයි
Thursday, 04 June 2020 - 19:08

ඊයේ සහ අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන්... Read More

මෙත්සිරි සෙවණට ඇඳන් 10කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්
Thursday, 04 June 2020 - 19:00

අපවත් වී වදාල අනුරාධපුර, කලාගම්පලාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක,... Read More

විකිණීමට සකස් කළ ගංජා පැකට් 77ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 18:54

අළෙවි කිරීමට සකස් කළ ගංජා පැකට් 77ක් සමග සැකකරුවෙකු අම්පර මරදමුනේ... Read More