වීඩීයෝ : පළාත් ඇමතිවරයෙකු පහර දුන්නැයි ගායක සමන් ද සිල්වාගෙන් පැමිණිල්ලක්.

Sunday, 01 December 2013 - 13:02

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගනයේ ඊයේ (30) රාත්‍රී සංවිධාන කර තිබූ සංගීත සංදර්ශනයක් අතරතුර, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා තමන්ට පහරදුන් බවට පවසමින් ගායක සමන් ද සිල්වා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සිද්ධිය පිළිබඳව අප ගායක සමන් ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් ගීතයක් ගායනා කරමින් සිටියදී පළාත් අමාත්‍යවරයා වේදිකාවට නැග මෙලෙස පහරදුන් බවයි.

මේ පිළිබඳව චෝදනාව එල්ලවන දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙහිදී සමන් ද සිල්වා, අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීමත් සමග තමන් ඊට එරෙහිවූ බවයි. එහෙත් පහරදීමක් සිදු නොකළ බවද පළාත් අමාත්‍යවරයා කියා සිටියා.

සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම අවස්ථාවේදී දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ද බීමතින් සිටි බවයි.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගමට නියෝග කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More