වීඩීයෝ : Update : වායුගෝලය තවදුරටත් කැළඹේ. - වැස්ස අඩුවේ.

Sunday, 01 December 2013 - 13:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%9A.+-+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
වායුගෝලයේ කැළඹිලිසහගත තත්ත්වය දිවයිනට නැගෙනහිර දෙසින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, දිවයින පුරා බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න ප්‍රකාශ කළේ.

 
මේ අතර, ඉදිරි සතිය තුළ දිවයිනේ පළාත් 3කට තද වැසි ඇති විය හැකි බව චෙන්නායි කුණාටු අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජී. රමනන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළේ බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

Update : Monday, 02 December 2013 - 08:09
------------------------------------------------------
වායුගෝලය තවදුරටත් කැළඹේ. - වැස්ස අඩුවේ.

ඉදිරි සතිය තුළ දිවයිනේ පළාත් 3කට තද වැසි ඇති විය හැකි බව චෙන්නායි කුණාටු අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජී. රමනන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළේ බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි අපේක්ෂා කරන බවයි. එමෙන්ම ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා මුහුදු ප්‍රදේශයේ තවදුරටත් තද වැසි ඇති විය හැකි අතර මුහුද රළු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ. සුජීව ප්‍රකාශ කළේ.  

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනාවැකියට අනුව ඉදිරි පැය 24 තුළ ද ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකිරීම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල්කුමාර ප්‍රකාශ කළා.



Sunday, 01 December 2013 - 7:20

---------------------------------------------------------------------------
ඉදිරි දින 3 තුළ මිලිමීටර් 150 ඉක්මවූ වැසි.

Sunday, 01 December 2013 - 13:03

මිලිමීටර 150 ට වැඩි තද වැසි සහ අකුණු ඉදිරියේදී දිවයින සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි දින 3 තුළ මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඞී.සුජීව ප්‍රකාශ කළා.
 
මේ අතර පවතින අයහපත් කාලගුණය නිසා මුහුද රළුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ.


ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට
Thursday, 09 July 2020 - 19:39

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ... Read More

යළි අගමැති මහින්ද බව දෙමළ සන්ධානය කියයි
Thursday, 09 July 2020 - 19:31

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ මැතිවරණයෙන් පසුවත් යළි අග්‍රාමාත්‍ය... Read More

මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More