අධිවේගයට යතුරුපැදි බැහැ.

Monday, 02 December 2013 - 13:32

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90.
දක්ෂිණ අධිවේගී මාර්ගයට හෝ කටුනායක අධිවේගී මාර්ගයට යතුරුපැදි, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර්, පා පැදි සහ කරත්ත කිසිවිටෙක ඇතුළු නොකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ අධිවේගී මාර්ගයන්ට මෙම වාහන ඇතුළත් කරනු ලබන රියදුරන් හා පා පැදි සහ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් යතුරුපැදි ගමන් කිරීමේ සිද්ධීන් දෙකක් අද (02) සහ ඊයේ (01) වාර්තා වුණා. මෙම සිද්ධීන් සමගයි පොලීසිය, රියදුරන්ගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ රුසියානු ජාතික යතුරුපැදිකරුවෙකු පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 18 කණුව පිවිසුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ මොහු කොළඹ දෙසට සිය යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී කිලෝමීටර් 6 කණුව අසළ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ දිනයේ ද දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී විරුද්ධ දිශාවට යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් වෑන් රථයක ගැටී පැදිකරු තුවාල ලැබුවා.  



පාකිස්තානය සහ බංගලාදේශය සෞඛ්‍යාරක්ෂිත ලෙස රාමසාන් සමරයි
Monday, 25 May 2020 - 18:23

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පුද්ගල දුරස්ථභාවය... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 25 May 2020 - 18:17

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

අද සිට කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබු තහනම ඉවතට
Monday, 25 May 2020 - 18:14

කුඩා ධීවරයන්ට නැවත මුහුදු යාමට අවසර ලබාදීමට තීරණය කර ඇති... Read More