දකුණේ කෘෂි ඇමති අත්අඩංගුවට ගන්නපොලිස් කණ්ඩායමක් කොළඹින්.

Monday, 02 December 2013 - 19:05

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති සංදර්ශනයකදී, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ විසින් සුප්‍රකට ගායක සමන් ද සිල්වා ට පහරදුන් බව කියන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මකයි. ගායක සමන් ද සිල්වා ට මෙම සංදර්ශනයේදී අදාළ අමාත්‍යවරයා පහරදුන් බවට බොරැල්ල පොලීසිය වෙත සාක්ෂි 4 ක් ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
 

සිද්ධිය පිළිබඳව ඊයේ අප ගායක සමන් ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් ගීතයක් ගායනා කරමින් සිටියදී පළාත් අමාත්‍යවරයා වේදිකාවට නැග මෙලෙස පහරදුන් බවයි. කෙසේ නමුත් මෙම චෝදනාව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ ප්‍රතික්ෂේප කළා.

 
සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More